දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු නොදුටු ඇතැම් කණ්ඩායම් අද සාර්ථකත්වයට අකුල් හෙලනවා" - අකිල
Homeප්‍රවෘත්ති

"එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු නොදුටු ඇතැම් කණ්ඩායම් අද සාර්ථකත්වයට අකුල් හෙලනවා" - අකිල

PropellerAds

පසුගිය සමයේ අධ්‍යාපන  ක්ෂේත්‍රය  කඩා වැටෙද්දී මුණිවත රකිමින් සිටි  ඇතැම්  වෘත්තීය සමිති අද අධ්‍යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්‍රියත්වය උද...

උතුරු මහ ඇමති සුපිරි බලයක් ඉල්ලයි.
මියන්මාරයේ මුස්ලිම් ජනතාවට සිදුවන වධහිංසා හෙලා දකිමින් මන්නාරමේ විරෝධතා
කිලිනොච්චියේ පාසල් ළමන්ට යුද හමුදාවෙන් පාපැදි

පසුගිය සමයේ අධ්‍යාපන  ක්ෂේත්‍රය  කඩා වැටෙද්දී මුණිවත රකිමින් සිටි  ඇතැම්  වෘත්තීය සමිති අද අධ්‍යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්‍රියත්වය උදෙසා විවිද පදනම් විරහිත චෝදනා එල්ල කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සුපිරි පාසැල් වෙනුවට සියලු පාසැල් සපිරි පාසැල් බවට පත් කිරීමේ අරමුණ ඇතිව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක ළඟම පාසැල හොඳම පාසැල වැඩසටහන යටතේ බළපිටිය රේවත ජාතික පාසැලේ ඉදි කෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට  අද (01) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ජාතික පාසැල්වලට විදුහල්පතිවරුන්ගේ හිඟයක් ඇති බවට ඇතැම්  වෘත්තීය සමිති කරනු ලබන ප්‍රකාශයන් පාසැල් ප්‍රජාව සහ ජනතාව නොමග යවන ප්‍රකාශයන් බවයි.

මේ වන විට ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රේණිධාරීන්   විදුහල්පතිවරුන් රාජකාරි ආවරණය කරන බවත් ඉදිරියේදී පුරප්පාඩු සහිත විදුහල්පති තනතුරු ගැසට් කරමින් පාසැල්වල විනය සහ ප්‍රථිපල ඉහළ නැංවීමට කටයුතු කළ සහ අධ්‍යාපන සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් ජ්‍යෙෂ්ඨත්වයට ද මුල් තැන ලබා දෙමින් පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පිළිගත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළේය.

කෙසේ උවද උප ගුරුවරුන් 4000කට අධික ප්‍රමාණයක් දේශපාලන හිතවත්කම් මත වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පාසැල්වලට පත් කළ විට අදාල වෘත්තීය සමිති කුමක් සිදු කළේද යන්න පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්ණ කළේය.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදු වූ බොහෝ අක්‍රමිකතා හමුවේ මුනිවත ආරක්ෂා කළ ඇතැම් කණ්ඩායම් අද  අධ්‍යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්‍රියත්වය උදෙසා විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. 

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු නොදුටු ඇතැම් කණ්ඩායම් අද සාර්ථකත්වයට අකුල් හෙලනවා" - අකිල
"එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු නොදුටු ඇතැම් කණ්ඩායම් අද සාර්ථකත්වයට අකුල් හෙලනවා" - අකිල
http://am.lk/media/k2/items/cache/5cef66f38ccaa665439415f75be20141_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy