දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මව්බිමෙන් වන්දි ඉල්ලා ඇමැති චම්පික පැවරූ නඩු 2ක් ඉල්ලා අස්කර ගනී
Homeප්‍රවෘත්ති

මව්බිමෙන් වන්දි ඉල්ලා ඇමැති චම්පික පැවරූ නඩු 2ක් ඉල්ලා අස්කර ගනී

PropellerAds

තම කීර්තියට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන දහසක් සහ රුපියල් මිලියන 500 ක් බැඟින් වන්දි අය කර දෙන මෙන් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණ...

සදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ !
ජූනි 20 ඡන්දය නෑ.. ජූලි මුල් සතියේ.. අධිකරණ නියෝගය එන තෙකේ කොමිසම වැඩ
ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි - වෛද්‍ය නවීන් ද සොයිසා
මව්බිමෙන් වන්දි ඉල්ලා ඇමැති චම්පික පැවරූ නඩු 2ක් ඉල්ලා අස්කර ගනී

තම කීර්තියට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන දහසක් සහ රුපියල් මිලියන 500 ක් බැඟින් වන්දි අය කර දෙන මෙන් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර තිබූ අපහාස නඩු දෙකක් ඒ මහතා විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (07) නියම කළේය.

පාඨලී චම්පික රණවක මහතා එක් නඩුවකින් සඳහන් කර තිබුණේ 2014 වසරේ දෙසැම්බර් මස තිස් වනදා මව්බිම පුවත්පතේ පළ කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ ලිපියකින් තම කීර්තියට හානියක් සිදු කර ඇති බවයි.

ඒ වෙනුවෙන් අදාළ පුවත්පතෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන මෙන් ඉල්ලා ඔහු මව්බිම පුවත්පතට එරෙහිව නඩුවක් පවරා තිබුණි.

ඊට අමතරව 2016 වසරේ ජූලි මස 15 වනදා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇතැයි සඳහන් කරමින් පලකර තිබූ ලිපියකින් තම කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් චම්පික රණවක අමාත්‍යවරයා අදාළ පුවත්පත වෙතින් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා තවත් නඩුවක් ගොනු කර තිබුණි.

මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු පමිල රත්නායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී  පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩු අද විභාග කිරීමට නියමිතව තිබුණත් එය ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කර ඇති බවයි.

ඒ අනුව නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පුවත්පත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ නඩු 2ක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන් දිසා විනිසුරුවරයා අනතුරුව ඒවා ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමටද නියම කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මව්බිමෙන් වන්දි ඉල්ලා ඇමැති චම්පික පැවරූ නඩු 2ක් ඉල්ලා අස්කර ගනී
මව්බිමෙන් වන්දි ඉල්ලා ඇමැති චම්පික පැවරූ නඩු 2ක් ඉල්ලා අස්කර ගනී
http://am.lk/media/k2/items/cache/e68aa0145b39dea089aaa7a116edb1a5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy