ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක පාර්ශ්වය ඉදිරිපත් කළ දින 100 වැඩපිළිවෙළ පොදු අපේක්ෂක කණ්ඩායම එක්ව සකස් කළ එකක් බවත්, එය තන...
ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක පාර්ශ්වය ඉදිරිපත් කළ දින 100 වැඩපිළිවෙළ පොදු අපේක්ෂක කණ්ඩායම එක්ව සකස් කළ එකක් බවත්, එය තනි පුද්ගලයෙකු විසින් සකස් කරන ලද ලියවිල්ලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා අද ජාතික පුවත්පතකට අදහස් දක්වමිනි.
දින 100 වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ සාකච්ඡා කළ අවසන් සාකච්ඡාවට පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වූ බවත්, එම වැඩපිළිවෙළ වාක්‍යයෙන් වාක්‍යය සාකච්ඡා කළ බවත් ජයම්පති වික්‍රමරත්න මහතා කීවේය.
පොදු අපේක්ෂකයා තෝරා ගැනීමටත් පෙර සිටම දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහසක් පැවැති අතර, එය මුලින්ම ඉදිරිපත් කළේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් බවද මන්ත්‍රීවරයා පවසා ඇත.
මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු පිරිස ඉදිරිපත් කළ එම වැඩපිළිවෙළ 180ක වැඩපිළිවෙළක් වූ බවත්, පසුව එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව අනුව එය දින 100 දක්වා අඩු කළ බවත් ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
COMMENTS