දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හොරුන් වෙනුවෙන් භික්ෂූන් පිඬුසිඟා වඩින යුගයක් නිර්මාණය වෙලා - රාජිත සේනාරත්න
Homeප්‍රවෘත්ති

හොරුන් වෙනුවෙන් භික්ෂූන් පිඬුසිඟා වඩින යුගයක් නිර්මාණය වෙලා - රාජිත සේනාරත්න

PropellerAds

පැවති රජයේ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විමර්ශන සිදුවෙමින් තිබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා ප්‍රකාශ කළේ එම වංචාවලට සම්බන්ධ පුද්ගලයන...

පිදුරංගල පර්වතයේ ගත් අඩ නිරුවත් ඡායාරූප මුහුණු පොතට එක් කළ තිදෙනෙකුට වැඩ වරදී
පොලිස්පතිව තනතුරෙන් ඉවත් කරන්න එජාපයත් ඉදිරියට (Video)
"ජනතාවගේ අපේක්ෂාව මම නෙවෙයි මහින්දයි" - ගෝඨා
හොරුන් වෙනුවෙන් භික්ෂූන් පිඬුසිඟා වඩින යුගයක් නිර්මාණය වෙලා - රාජිත සේනාරත්න

පැවති රජයේ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විමර්ශන සිදුවෙමින් තිබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා ප්‍රකාශ කළේ එම වංචාවලට සම්බන්ධ පුද්ගලයන් රජය පෙරළීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බවයි. විමර්ශන සඳහා බාධා සිදුකළ අධිකරණ ඇමතිවරයා ඇතුළු සියලු දෙනා ඉවත් කර ඇති බවත් වැරදිකරුවන් සිරගතවීම නැවැත්වීමට දැන් කිසිවෙකුට නොහැකි බවත් ඇමතිවරයා පවසයි. මේ නිසා ඒකාබද්ධ විපක්ෂය දැඩි ලෙස බියට පත්ව ඇති බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,

'යහපාලන රජය බිහිකිරීමට කැපවූ එක්සත් ජාතික පාක්ෂිකයන් කලකිරීමට පත්වෙන්න එපා. රට සංවර්ධනය කිරීම දේශපාලන ඉලක්කයක්. ප්‍රශ්න තිබෙනවා. රටේ ප්‍රශ්න මෙන්ම ජනතාවගේ ප්‍රශ්නත් විසඳා ගත යුතුයි. අඩුපාඩු තිබෙන්න පුළුවන්. 2015 දී අපි බලය ලබා ගන්නා විට සාම්ප්‍රදායික ආණ්ඩු වෙනසක් ගැන කතා කලේ නැහැ. තට්ටු මාරු ක්‍රමයට රාජ්‍ය පාලනය අවසන් කිරීම අපේ ඉලක්කය වුණා. රට සංවර්ධනය නොකලොත් අනාගතයක් නැහැ. මම රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. අපට බලය ලබා දී ඇත්තේ කෙටි කාලයකටයි. නමුත් දීර්ඝ කාලයක් ඉටු නොකල වැඩ සිදුකිරීමේ වගකීමක් පැවරී තිබෙනවා. යහපත් පාලනයක් ගෙන ඒම පලමු ඉලක්කයයි. ජනතාවට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී තිබෙනවා. නමුත් ජනතාවට මෙය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. අපේ රජයේ අයත් මෙම වෙනස කියන්නේ නැහැ. මම කියනවා. එම නිසයි මට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙන්නේ. අද රජය නඩු කීයක් පරාදද? 20 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නඩු විභාගයටත් එය වෙන්න පුළුවන්. පසුගිය රජය සමයේ එහෙමද? රජගෙදර සිට කතා කරලා තමයි නඩු විසඳා ගත්තේ. තමන්ට අවශ්‍ය විදිහට අධිකරණයට බලපෑම් කලා. අද අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොන්ද කෙළින් තබාගෙන අදහස් පලකරනවා. එදා එහෙමද? රජගෙදර තමයි මැතිවරණ තීන්දු කරන්නේ. පසුගිය රජය සමයේ හිටපු ජනාධිපත්වරයාගෙන් අහලා මැතිවරණ කොමසාරිස්වරයා අදහස් පල කරනවා. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය එම රාජ්‍ය නිළධාරීන්ද අද භුක්ති විඳිනවා. පසුගිය රජයෙන් ජනතාවට සිදුවූ අසාධාරණකම් නිසා තමයි එම රජය පෙරලා දැමීමට සිදුවූයේ.'

'2015 වසරේ ජනාධිපතිවරණයෙන් පසු සාම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් තුනේ දෙකක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට පත් වෙනවා. නමුත් එය රටට ප්‍රශ්නයක්. ජනතාව කලකිරීමට ලක්ව සිටියේ. තව තරුණ කැරැල්ලක් නිර්මාණය වීමට ඉඩ තිබුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා නව රජය බිහි කලා. ජනාධිපතිවරයාත් ඉන්නේ ගැටළුවක. එතුමාට එක්සත් ජාතික පක්ෂය මෙහෙය වීම නොවෙයි තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමටයි. එම නිසා තමයි ජනාධිපතිවරයා ඇතැම් රැස්වීම්වල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිකරන බව ප්‍රකාශ කරන්නේ.'

'එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනතාව දීර්ඝ කාලයක් වැඩ කටයුතු කළා. නමුත් වසර විස්සක් යනතුරු රැකියා ලැබුනේ නැහැ. එම නිසා සාධාරණය ඉටු නොකළ රජයටත් ප්‍රශ්නයක්. ඔබ සැම තමයි පාරට බැහැලා රජයක් පිහිටු වීමට අපිව දිරිමත් කලේ. කැපවීම් සිදු කළේ. එක්සත් ජාතික පාක්ෂිකයාට පක්ෂය කියන්නේ ආගමක්. ඇතැම් විට ආගමත් අතහරියි. නමුත් පක්ෂය අතහරින්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයාගේ සුවිශේෂි බව එයයි. කොතරම් රජය විවේචනය කලත් අපේ ආණ්ඩුව කියලා කියනවා. සමහරු ඉන්නවා රජය පරාද වෙයි කියලා. නමුත් රට නිවැරදි මාවතේ ගමන් කරනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බාධක මැද රට ඉදිරියට ගෙනයනවා. එම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ද්‍රෝහීන් ද සිටිනවා.'

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා, සුනිල් තිත්තවැල්ල මහතා, තුසිත පෙරේරා මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොරුන් වෙනුවෙන් භික්ෂූන් පිඬුසිඟා වඩින යුගයක් නිර්මාණය වෙලා - රාජිත සේනාරත්න
හොරුන් වෙනුවෙන් භික්ෂූන් පිඬුසිඟා වඩින යුගයක් නිර්මාණය වෙලා - රාජිත සේනාරත්න
http://ift.tt/2xbpHX7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_968.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_968.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy