අද (15) පැවති බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා රැස්වීමේ දි කළු පටි ප්‍රශ්නයක් හා ජල ප්‍රහාරයක් හේතුවෙන් ප්‍රාදේශීය සභා රැස්වීම තුල දැඩි උණුසුම්ක...
අද (15) පැවති බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා රැස්වීමේ දි කළු පටි ප්‍රශ්නයක් හා ජල ප්‍රහාරයක් හේතුවෙන් ප්‍රාදේශීය සභා රැස්වීම තුල දැඩි උණුසුම්කාරි තත්වයක් ඇතිවිය. සභාපති දිලරුක් අබේකොන් මහතා සභා රැස්වීම පවත්ගෙන යමින් සිටියදි එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රී උදුල විශ්වජිත් මහතා කළු පටියක් පැළද ගෙන සිටින්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
මන්ත්‍රි උදලු විශ්වජිත් මහතා මෙසේ පැවසීය.
“මම සටන් කලාව ප්‍රගුණ කරලා තියෙනවා .සභාපතිතුමනි මට කියන්න අතේ බැදලා තියෙන්නේ මොන කළු පටියක්ද කියලා. සටන් කලාවේ කළු පටි වර්ග කිහිපයක් තියෙනවා.”
සභාපති දිල්රුක් අබේකෝන මහතා මෙසේ පැවසීය.
“ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය දක්වන්න තමයි මම ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු කළු පටි බැදලා ඇවිත් ඉන්නේ. ඉන්ධන මිල වැඩි කිරීම අද හැම කෙනාටම බලපාල තියෙනවා. භූමිතෙල් මිල වැඩි වෙලා ගැරඩියෙක්වත් එලව ගන්න භූමිතෙල් බෝතලයක් ගන්න බැරි තරමට භූමිතෙල් මිල වැඩි වෙලා.”
ඒ සමග එජාප මන්ත්‍රි කණ්ඩායම දෙසට වතුර ප්‍රහාරයක් එල්ල වු අතර ඒ සමග යලි සභා රැස්වීම උණුසුම් විය. ජල ප්‍රහාරය එල්ල වූයේ එජප මන්ත්‍රි ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රිවරයාටය. පසුව එජපයේ මන්ත්‍රිවරු හා පොහොට්ටුවේ මන්ත්‍රිවරු එකිනෙකාට චෝදනා කරමින් කෑ ගසන්නට වු අතර සභා රැස්වීම එකම ගාලගොට්ටියක් බවට පත්විය.
ප්‍රේමලාල් අබේසේකර ,ඩඩ්ලි වික්‍රමසිංහ යන මන්ත්‍රිවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කැගසන්නට වුහ. පොහොට්ටුවේ මන්ත්‍රිවරු එම විරෝධතා පුවරු උදුරා ගැනිමට කටයුතු කළහ. වතුර ගහපු එක වැරදිය අපේ ලිපි ලේඛන පවා තෙමුනා එජාප මන්ත්‍රිවරියන් දෙදෙනා කිහ. පසුව සභාපතිවරයා විසින් සභා රැස්වීම විනාඩි 15කට පමණ කල්දමනු ලැබිය.
සභාපති දිල්රුක් අබේකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභා රැස්විම ආරම්භ වු අතර මම උත්තර දුන්නේ උදුල විශ්වජිත් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට විතරයි. සභාව කර ගෙන යන්න දෙන්නේ නැතිනම් සභාව මම ලබන මාසයට කල් තියෙනවා සභාපතිවරයා කිවේය. සභාපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග යලි සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන ගියේය.
COMMENTS