දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි" - දුමින්ද දිසානායක
Homeප්‍රවෘත්ති

"මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි" - දුමින්ද දිසානායක

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ අනුරාධපුර තලාව ප...

ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමනිලධාරීන් පළාත් සභා යටතට?
ජනපති නොගිය මඩකලපුව පන්සලට ඇමති රාජපක්ෂ යයි - සිංහලයන්ගේ ප්‍රශ්න විසඳන්න සූදානම් (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රොටවැව, රත්මල්වැටිය හා සියඹලාගස්වැව ප්‍රදේශයන්හී සුළි සුළගින් හානි වූ නිවාස සඳහා කඩිනමින් වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.

අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් අමාත්‍යයතුමන් කියා සිටියේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී නියෝජනය කලේ පොහොට්ටුව. ඒ මැතිවරණ කාළසීමාව තුළ එතුමා කතිරය ගහන්න කිව්වේ පොහොට්ටුවට. එතුමාගේ අතේ තිබුණේ පොහොට්ටුව. එතුමන්ගේ සියලු දෙනාම උදව් කලේ පොහොට්ටුවට. ඒ නිසා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද පොහොට්ටුවේද කියලා ආයේ තෝරා ගන්න දෙයක් නෑ, මම විශ්වාස කරන විදිහට එතුමා නියෝජනය කරන්නේ පොහොට්ටුව. මොකද "පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අපේ ගමේ සිරිපාලත් එක්ක ජන්දය ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ" ඇත්ත කථාව ඒක. අපේ ගම් අපේක්ෂකයා සිරිපාල නම් පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගමේ අලවපු පෝස්ටරේ පොහොට්ටුව ලාංජනයත් එක්ක ලොකුවට තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රූපය. මහින්ද රාජපක්ෂ මහත්තයාව තමයි පහුගිය මැතිවරණයේ මාකට් කලේ. ඒ නිසා එතුමා නියෝජනය කරන්නේ පොහොට්ටුව කියලා රටම දන්නවා.”

“2020 ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියලා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අවසන් තීන්දුව අරගෙන නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි පැහැදිලිවම මේ වන කොට අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තෝරන්න ඕන. මේ රටේ ඉතිහාසය ගත්තම පහුගිය ජනාධිපතිවරණයේදී පමණයි පොදු අපේක්ෂකයෙක් විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙටි කාළයක් තුළ එළියට ආවේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් හිටියා. ජනතා විමුක්ති පෙරමුණට හිටියා, රටේ ජනාධිපතිවරයා පත් කරන කොට යම් කිසි පක්ෂයක් තමන්ගේ අපේක්ෂකයා කවුද කියන එක, ජනාධිපතිවරණයට මාසයක් තියලා දැන් මෙයා තමයි අපේක්ෂකයා කියන සම්ප්‍රදායක් රටේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට දීර්ඝ කාලීන සැලැස්මක් එක්ක අනාගත බලාපොරොත්තුවක් එක්ක ඊළග පාර අපේ ජනාධිපති අපේක්ෂකයා අහවලා කියන කාරණාව අපේ පාක්ෂකයා හා රට දැනුවත් කරන්න ඕන. ඒ තුළ පාක්ෂකයා පමණක් නෙමෙයි විපක්ෂයේ කෙනෙක් අපේ අපේක්ෂකයාට කැමති නම්, අපේ අපේක්ෂකයාගේ වැඩපිළිවෙල හොඳ නම් අපිට ජයග්‍රහණය සදහා කණ්ඩායම් එකතු කර ගන්න පුලුවන්කම තියෙන්නේ, ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක කලින් දැනුවත් කිරීම මත මිසක්, හංගන් ඉඳලා මෙයා තමයි අපේක්ෂකයා කියන සම්ප්‍රදායක් ප්‍රධාන පක්ෂ වලට නෑ. පොදු අපේක්ෂකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් කරලියට පැමිණීම අහම්බයක්. ඒක රටේ තිබුණ තත්වයත් එක්ක උද්ගත වුණ දෙයක් මිසක් දේශපාලන පක්ෂයක උපක්‍රමයක් නෙමෙයි ඒක.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි" - දුමින්ද දිසානායක
"මහින්ද රාජපක්ෂ මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි" - දුමින්ද දිසානායක
http://am.lk/media/k2/items/cache/a321c5d720ca90fa0291d84fec599bb9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_999.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_999.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy