මඩකලපුවේ සිංහල ජනතාවට මතුව ඇති ප්‍රශ්න පිළිබඳව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳව වන සාකච්ඡ...
මඩකලපුවේ සිංහල ජනතාවට මතුව ඇති ප්‍රශ්න පිළිබඳව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳව වන සාකච්ඡාවක්ද අමාත්‍යවරයා ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව මංගලාරාමයේදී පවත්වා තිබේ. මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි, බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවැසුවේ මඩකලපුවේ ග්‍රාම සේවකවරුන්ගෙන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඇතැම් අවස්ථාවලදී සිංහල ජනතාවට ගැටලු ඇතිව තිබෙන බවයි.
ඔවුන්ගේ ගැටලු පිළිබඳව කතා කිරීමට සිංහල මඩකලපුවේ මන්ත්‍රිවරයෙකු පළාත් සභාව තුළත්, පාර්ලිමේන්තුව තුළත් නොමැති බව පැවසූ අමාත්‍යවරයා සිංහල ජනතාවට මෙන්ම දමිල හා මුස්ලිම් ජනතාවට මඩකලපුවේ ගැටලු පවතින බව අම්පිටියේ හිමියන් තමන්ට පැවැසූ බවද මෙහිදී පැවැසීය.
සිංහල භාෂාව තේරුම් ගත හැකි මඩකලපුවේ ඇතැම් නිලධාරීන් සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි ප්‍රසිද්ධියේ කුණු කූඩයට දමන බව අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නේය.
"මේ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල සුළුතරයක් වන සිංහල ජනතාවට ග්‍රාම සේවකගෙන් ලිපියක් ලබාගන්න බැරි අවස්ථා තියෙනවා. ඡන්ද නාමලේඛනයට නම ඇතුල් කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. එකම සිංහල නිලධාරියෙක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙනවා. සිංහල භාෂාව තේරෙන අනෙකුත් ජාතීන්වල නිලධාරීන් සිංහල භාෂාවෙන් ලියුමක් දුන්නම ප්‍රසිද්ධියේ කුණු කූඩයට දාන තත්වයක් මතුවෙලා තියෙනවා." යනුවෙන් අධිකරණ ඇමතිවරයා පැවසීය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව මුහුණ දෙන ගැටලු මෙන්ම ශාසනික ප්‍රශ්න සහ පුරාවස්තු සුරැකීම සම්බන්ධව මතුවී ඇති ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡාවී තිබේ.
අම්පිටියේ සුමනරතන හිමියන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නද අපක්ෂපාතීව ඉදිරිපත් කළ බව අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS