දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“සිංහල රාවය“ රාජිතව අගයයි
Homeප්‍රවෘත්ති

“සිංහල රාවය“ රාජිතව අගයයි

PropellerAds

පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශ...

20ට සංශෝධන.. විවේචකයන්ට සැනසිලි තෑගි !
පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙලිදරවු දෙකක්
බණ්ඩක්කා කොන කඩා ගන්නා තීන්දුව 20 විවාදය මැද ප‍්‍රමිත කියයි - (video)
“සිංහල රාවය“ රාජිතව අගයයි

පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

කළුතර බිනර මහා පෙරහැරේ කරඩුව තැන්පත් කිරිම අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රධානත්වයෙන් ඊයේ (15) රාත්‍රියේ සිදු කෙරිනි. සිංහල රාවය සංවිධානයේ මහලේකම් සහ විහාරාධිපති පූඡ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ උපදෙස් මත මෙම පෙරහැර පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “රජ සමය මෙන් ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ දී ද දළදා පෙරහැර සදහා සහයෝගය ලබාදුන්නා. දළදා පෙරහැරට මෙන්ම අනෙකුත් පෙරහැර සදහා හීලෑ අලි ඇතුන්ගේ ප්‍රශ්නය ගැටලුවක් වී තිබෙනවා. මේ පිළිබදව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. සංස්කෘතික දායාදයන් ඉදිරියට ගෙනයාම සදහා හීලෑ අලි ඇතුන් අවශ්‍ය බව පෙරහැර සංවිධායකයින් පෙන්වා දෙනවා. නමුත් පරිසරවේදීන් සදහන් කරන්නේ වනාන්තරයේ සිටින අලි ඇතුන් ගාල්කර තැබීම වරදක් බවයි. පසුගිය රජය සමයේ දී අලි ඇතුන් ජාවාරමක් බවට ක්‍රියාත්මක වුනා. එම ජාවාරමට සම්බන්ධ අලි ඇතුන් 35 ක් මේ වනවිට වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා. එම අලි ඇතුන් සදහා ලබාගෙන ඇති බලපත්‍ර අක්‍රමවත්. වරදාන වරප්‍රසාද දීලා තමයි බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ. වනාන්තර වලින් හොරකම් කළ අලි ඇතුන් ද ඒ අතර සිටිනවා. හොරණ ප්‍රදේශයේ වෙළෙද ව්‍යාපාරිකයෙකු සතු අලි පැටවෙකු ද මෙලෙස වනජීවී භාරයේ සිටිනවා. එම අලි පැටවා පිළිබදව ද සොයා බැලූ විට අනාවරණය වුයේ බලපත්‍රය ලබාගැනීම අක්‍රමවත්ව සිදු වී ඇති බවයි. මෙම ප්‍රශ්නය විසදිය යුතුයි.”

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි -
“කළුතර බිනර මහා පෙරහැර සංවිධානය කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් පූර්ණ අනුග්‍රහය හිමි වුනා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහයෝගය නොමැති නම් මෙම පෙරහැර කිරීමට නොහැකි බව මම මෙතන දී ප්‍රකාශ කරනවා. මුල්‍යමය ප්‍රශ්න, අනෙකුත් පහසුකම් සියල්ල සම්පාදනය කර දුන්නා. රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර දෙමින් සහයෝගය ලබාදුන්නා. මගේ ඉල්ලීම් වලට බැහැ කිවුවේ නැහැ. එම නිසා දායකයින් පිරිසක් සුදානම් වුනා කළුතර නගර මධ්‍ය යේ තොරණක් ඉදි කිරීමට. එහි එක පැත්තක රාජිත ඇමැතිතුමාගේ ඡායාරූපයත්, අනෙක් පැත්තේ මගේ ඡායාරූපයත් සවිකර තිබුනා. ඒකට ඇතැම් අයට රිදිලා. දේශපාලනය සහ ආගමික වැඩසටහන් පටලවගන්න එපා. මෙම වේදිකාවෙත් සියලුම පක්ෂ වල මන්ත්‍රීවරුන් ඉන්නවා.”

“මම පෙරහැර සංස්කෘතිය සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට සුදානම්. දැනට හීලෑ අලි ඇතුන් 38 ක් රජය භාරයේ සිටිනවා. ඉන් 35 කට බලපත්‍ර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෝ ඉදිරිපත් කර මෙම බලපත්‍ර සහිත අලි ඇතුන් නිදහස් කර පෙරහැර සංස්කෘතියට ලබාදිය යුතුයි. එලෙස ලබාගත් අලි ඇතුන් මම සොලොස්මස්ථානය වැද පුදා ගැනීමට පවා රැගෙන යනවා. මෙම පිංකම සිදු කිරීමෙන් ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. දැනට පෙරහැර සංස්කෘතිය සදහා හීලෑ අලි ඇතුන් සිටින්නේ 100 ක් පමණයි.” ඒ හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “සිංහල රාවය“ රාජිතව අගයයි
“සිංහල රාවය“ රාජිතව අගයයි
http://am.lk/media/k2/items/cache/83595b05ffb8199f7e04e5a1c49654b1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_623.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_623.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy