ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා වෙත පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය යලි ලබා දීමට පියවර ගැනීම හෙළා දකින බව ලංකා ගුරු සංගමය පව...
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා වෙත පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය යලි ලබා දීමට පියවර ගැනීම හෙළා දකින බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කලේ මේ පිළිබඳව ජනාධිපතිවරයා දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවයි.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට චෝදනා එල්ල වී තිබිණි.
එම සිද්ධිය මුල් කරගනිමින් පළාත් අධ්‍යාපන අමාත්‍යධුරය ඔහුගෙන් ඉවත් කෙරුණු අතර ඊයේ (02) සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් චාමර සම්පත් දසනායක මහතා සඳහන් කලේ තාවකාලිකව ඉවත් කර තිබූ පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය මීට මාස දෙකකට පමණ පෙර යළි තමන්ට ලැබුණු බවයි.
කෙසේවෙතත් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙන අතරතුර යළි ප්‍රධාන අමාත්‍යවරයාට අධ්‍යාපන අමාත්‍යධුරය ලබා දීම අනුමත කළ නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබදව මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කලේ ඒ සම්බන්ධ වාර්තාව සකස් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.
ලබන සතියේදී අදාළ වාර්තාව නිකුත් කරන බව ඇය සඳහන් කළේය.
COMMENTS