අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අදාළ විරෝධතාව සාම...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමිනි.
එසේම ජනතාවට අවහිර වන ලෙස පා ගමනේ නිරතවීම සහ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළුවීම ද එමඟින් තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
එමෙන්ම විරෝධතාවයට සහභාගීවන සියලුම පිරිසට මෙම නියෝග අදාළ වේ.
COMMENTS