ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබේ. 2017 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්‍ෂය රෝගීන් ගණන 8511ක් වන බවත් ඉන් 8113ක් අලුතින්ම හඳුනාගත් රෝගී...
ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබේ. 2017 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්‍ෂය රෝගීන් ගණන 8511ක් වන බවත් ඉන් 8113ක් අලුතින්ම හඳුනාගත් රෝගීන් බවත් ක්‍ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි.
මේ අනුව පළාත් වශයෙන් ගත් විට බස්නාහිර පළාතෙන් 3601ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් 2051ක් ලෙස ක්ෂය රෝගීන් වාර්තා වී තිබේ. මේ දත්ත අනුව බස්නාහිර පළාතේ ක්ෂය රෝගය තදින් පැතිර යාමේ අවධානමක් පවතින බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළාය.
වහාම මෙම රෝගීන් හඳුනා නොගත්තොත් එම රෝගීන්ගෙන් තවත් අයට රෝගය පැතිර යාමේ අවදානම දැඩි බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.
සම්පුර්ණයෙන්ම සුව කළ හැකි හා වළක්වාගත හැකි ක්ෂය රෝගය, සති දෙකකට වඩා වැඩි කලක් පවතින කැස්ස, රාත්‍රී කාලයේ මඳ උණ, කෑම අරුචිය, ශරීරයේ බර අඩු වීම, ලේ සහිත සෙම පිටවීම වැනි රෝගී ලක්ෂණ මතු කරමින් ඇතිවිය හැකි අතර එවන් ලක්ෂණ පවතී නම් වහාම ළඟම ඇති ළය චිකිත්සාගාරයට ගොස් පරික්ෂා කරවා ගන්න ලෙස වෛද්‍යවරිය සඳහන් කළේය.
COMMENTS