තමන් ඇතුළු කණ්ඩායමක් අද දිනයේ එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා පවසයි. ඊයේ මාතල...
තමන් ඇතුළු කණ්ඩායමක් අද දිනයේ එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා පවසයි.
ඊයේ මාතලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේ ය.
එහිදී ඔහු පැවසුවේ, ආසන සංවිධායකවරයෙකු සිය ආසනය තෙවරක් පැරදුණ හොත් ඔහුට එම තනතුර අහිමි වන බවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එය අදාළ නොවීම ප්‍රශ්නකාරී බවයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපිට ආසන සංවිධායකවරයෙක් පැරදුනොත් එහෙම ඒ ආසන සංවිධායක වරයාට අඩුම වශයෙන් තුන් පාරක් පැරදුනොත් ඒ ආසන සංවිධායක වරයාගේ තනතුර නැති වෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය එහෙම වෙලා නෑ. නායකත්වය දිහා බැලුවොත් එහෙම ඒකේ වෙනසක් වෙලා නෑ. එතැන වෙනසක් වෙන්නේ නැතුව අනිත් වෙනසත් වෙලා වැඩක් වෙන්නේ නෑ . මොකද දැන් තියෙන තත්වයෙන් ගියොත් එහෙම අපිට ගම් මට්ටමේ ඡන්දේ නෑ. ඉතින් මෙක දිගටම යන්න බෑ. මම තීරණය කළා. මැයි රැළියට සෙනග ගේන්නෑ, මම සහභාගී වෙන්නේත් නෑ”
“මම තනියම නෙවෙයි . අපිට වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ සංඛ්‍යයාව කියන්න මං කැමති නෑ. ඉදිරියෙදී අපි ඒ සියලු දෙනත් එක්කම යම් කිසි තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. විස්සයි දහනවයයි තියෙන මැතිවරණයට අපි පක්ෂෙන් යම් නිසි විදිහට වෙනත් කෙනෙක් වෙනත් පක්ෂක කෙනෙක් වෙන්න පුළුවන් වෙනත් හයර් කරපු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම ගෙනාවොත් එහෙම අනිවාර්යයෙන් මම තමා පළවෙනියටම මේ පක්ෂයෙන් ඉවත්වෙන පුද්ගලයා කියන එක මම බය නැතුව කියනවා”යැයිද ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
COMMENTS