දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අය වැය: 'මැදමුලන බද්ද' සහ තවත් කතා.
Homeප්‍රවෘත්ති

අය වැය: 'මැදමුලන බද්ද' සහ තවත් කතා.

PropellerAds

ආණ්ඩුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද (මැදමුලන බද්ද) පැනවූයේ සතුටින් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ...

ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ යැයි චෝදනා කරමින් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවාට ඇප
නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක හමුවට
"මංගල දැක්වූ ප්‍රතිචාරය ඔහුගේ පෞද්ගලික මතයක් - ආණ්ඩුවේ මතයක් නෙවෙයි"

ආණ්ඩුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද (මැදමුලන බද්ද) පැනවූයේ සතුටින් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ 2018 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

2018 වසර සඳහා වන අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ, බැංකු විසින් සිදුකරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට සත විස්සක අනුපාතයක් අනුව විශේෂ බද්දක් පැනවීමට යෝජනා කරන බවය.

එය ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද ලෙස හැඳින්වූ මුදල් අමාත්‍යවරයා, ඉදිරි වසර තුන ඇතුළත ගෙවීමට නියමිත රුපියල් බිලියන 7,000ක ණය මුදල ගෙවීමට එය යොදාගන්නා බවත් කියා සිටියේය.

"මේක සතුටින් දාපු බද්දක්ම නෙවෙයි. හුඟක් වාද විවාද කළා අපි. මේ විශේෂ බද්ද පාරිභෝගිකයන්ගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒක බැංකුව ගෙවන්න ඕන," රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසීය.

සිය අයවැය කතාවේදී "මැදමුලන බද්ද" ලෙස ද මුදල් අමාත්‍යවරයා විග්‍රහ කළ මෙම බද්ද මගින් 2018 වසරේ දී රුපියල් මිලියන 20,000ක් ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

අය වැයට නීතීඥ සංගමයෙන් පැසසුම් !

ඉතා පැරණි ඇතැම් නීති සංශෝධනය කිරීමට ඊයේ (09) ඉදිරිපත් කෙරුණු අයවැයෙන් කළ යෝජනාව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පැසසුමට ලක්වේ.

කෙසේ වෙතත් එවැනි සංශෝධන හදිසියේ සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පැවසිය.

පැරණි නීති කාලානුරූපීව සංශෝධනය කරනවාත් සමග නීති කෙටුම්පත් මණ්ඩලයට අවශ්‍ය පරිවර්ථකයින් බඳවා ගන්නා ලෙසද ඔහු යෝජනා කර සිටියි.

විශේෂ අධිකරන අවශ්‍ය නැහැ :

නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඇතැම් කරුණු සම්බන්යෙන් විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට ද ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරින.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවසුවේ විශේෂ අධිකරන අවශ්‍ය නොවන බවයි.

පවතින අධිකරණ මගින් කාර්යක්ෂමව එය කළ හැකි බවද ඔහු කියා සිටියේය.

නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමට ගතහැකි තවත් පියවර කිහිපයක් ද මෙහිදී ඔහු යෝජනා කළේය.

ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ පද්ධතියක්:

සේවකයින්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම, පදිංචි ස්ථානයේ සිට ආසන්නසේවා ස්ථානයක රාජකාරි ලබා දීම, හා විනිසුරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ, ඇතැම් අධිකරණයක ඇප හිමි වද්දී ඇතැම් අධිකරණයකදී එම චෝදනාවටම ලක්වන තැනැත්තා රක්ෂිත බන්ධනාගාර ගතකරනා බවයි.

ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම වැනි අධිකරණවල තාක්ෂණික පහසුකම් වැඩි කිරීමට ඉදිරිපත් වූ යෝජනාව ද යහපත් එකක් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

ජාතික සම්පත් විකිණීම මෙවර අය-වැයේ සඳහන් වී නෑ

2018 අය-වැය ලේඛනයේ නොතිබූ බොහෝ විනාශකාරී ක්‍රියාවන් ඉන් පිටත සිදුවීමට ඉඩ පවතින බව ඉදිරිපත් කළ අයවැයෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ අය වැය යෝජනා ගැන කියයි.

මන්ත්‍රිවරයා පවසන්නේ මෙවර අය-වැය හරහා දැනට සිදුවන ජාතික සම්පත් අලෙවිකරණය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවයි.

1978 ආරම්භ කරන ලද විනාශකාරී ආරම්භක ගමන තවදුරටත් පවත්වාගෙන යෑම හා වේගවත් කිරීම අරමුණු කොට ඉදිරිපත් කරනු ලද්දක් බවද දිසානායක මහතා පවසයි.


එමෙන්ම කෝටි එක් ලක්ෂ අසූ නවදහස් පන්සියයක නව ණයක් ලබා ගැනීමට මේ හරහා සිදුවන අතර එය තවදුරටත් මෙරට ණය අර්බුදයේ ගිලීයෑමක් බවත් පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ණය ගෙවීම වෙනුවෙන් නව ගෙවීමේ බද්දක් හඳුන්වා දී තිබෙන්නේ බැංකු ගනුදෙනු හරහා පමණක් වුවද එය අනෙකුත් ක්ෂේත්‍ර හරහාද පැතිරීමට හේතුවන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අය වැය: 'මැදමුලන බද්ද' සහ තවත් කතා.
අය වැය: 'මැදමුලන බද්ද' සහ තවත් කතා.
http://ift.tt/2hY6tLK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_619.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_619.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy