දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ මූර්ත වැටුප් පහළට.
Homeගොසිප්

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ මූර්ත වැටුප් පහළට.

PropellerAds

2017 වසර තුළ දී වැටුප් ප්‍රමාණ දර්ශක මගින් පෙන්නුම් කළ පරිදි මූර්ත වැටුප් පහළ යෑමේ ප්‍රවණතාව සමඟ ආර්ථිකයෙහි වැටුප් පීඩනයක් ඇති බව පෙන්නුම්...

1990 දශකය අගදී ලබාගත් විජයගේ පවුලේ ඡායාරූප ඇල්බමය
විජය නන්දසිරිගේ අවමංගල්‍ය උත්සවය චිතකය දැල්වෙන තෙක් (video)
විජය නන්දසිරිගේ අවසන් කටයුතු (video)
2017 වසර තුළ දී වැටුප් ප්‍රමාණ දර්ශක මගින් පෙන්නුම් කළ පරිදි මූර්ත වැටුප් පහළ යෑමේ ප්‍රවණතාව සමඟ ආර්ථිකයෙහි වැටුප් පීඩනයක් ඇති බව පෙන්නුම් කරන ලදී. මෙම තත්ත්වය, 2017 වසරේ දී උද්ධමනයේ ඉහළ යෑමට වඩා අඩු වේගයකින් නාමික වැටුප් ඉහළ යෑම හේතුවෙන් සිදු වූ අතර, එය රාජ්‍ය සහ විධිමත් පෞද්ගලික අංශවල විශේෂයෙන් දක්නට ලැබිණි. කෙසේ වුවද, වැටුප් මගින් පොදු මිල මට්ටම මත ඇති කරන ඉල්ලුම් පීඩනය වසර මුළුල්ලෙහි අඩු මට්ටමක පැවතුණි.

රාජ්‍ය අංශය

2017 වසරේ දී රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දළ වැටුප නොවනස්ව පැවතුණි. කෙසේ වුවද, විශේෂ දීමනා සහ අන්තර් දීමනා මූලික වැටුපට අන්තර්ග්‍රහනය කිරීම 2017 වසරේ දී ද අඛණ්ඩව සිදුවිය. ඒ අනුව, රාජ්‍ය අංශයේ වැටුප් ප්‍රමාණ දර්ශකයෙහි (2012=100) වාර්ෂික සාමාන්‍ය වෙනස මගින් මනිනු ලබන රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නාමික වැටුප්, 2016 වසරේ වාර්තා වූ සියයට 3.9 ක වැඩිවීමට සාපේක්ෂව 2017 වසරේ දී නොවෙනස්ව පැවතුණි. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප් සලකා බලන කල 2016 වසරේ මූර්ත වැටුප් හි සිදු වූ සියයට 0.1 ක සුළු පහළ යෑමට සාපේක්ෂව, උද්ධමන ප්‍රවණතා හේතුවෙන් 2017 වසරේ දී එය සියයට 7.2 කින් පහළ යන ලදී.

පෞද්ගලික අංශයේ වැටුප්

2017 වසරේදී විධිමත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නාමික වැටුප් සුළු වශයෙන් ඉහළ ගියේය. එය කම්කරු දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන පඩි පාලක සභා විසින් වැටුප් පාලනය වන සේවකයන්ගේ අවම වැටුප් ප්‍රමාණ දර්ශකයෙහි (1978=100) වාර්ෂික සාමාන්‍ය වෙනස මගින් මනිනු ලැබේ. කෙසේ වුවද, විධිමත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප් 2016 වසරේ සිදු වූ සියයට 3.6 ක පහළ යෑමට සාපේක්ෂව 2017 වසරේ දී සියයට 5.9 කින් පහළ යන ලදී.

වෙළෙඳපොළ තත්ත්ව මත වැටුප් තීරණය වන අවිධිමත් පෞද්ගලික අංශයෙහි නාමික සහ මූර්ත වැටුප්වල ඉහළ යෑමක් 2017 වසරේ දී දක්නට ලැබිණි. ඒ අනුව, අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් ප්‍රමාණ දර්ශකයෙහි (2012=100) වාර්ෂික සාමාන්‍ය වෙනස මගින් මනිනු ලබන අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නාමික වැටුප්, පෙර වසරේ වාර්තා වූ සියයට 7.9 ක ඉහළ යෑමට සාපේක්ෂව 2017 වසරේ දී සියයට 9.5 කින් ඉහළ ගියේය.

2017 වසරේ දී කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා යන උප අංශ තුනෙහිම නාමික වැටුප් ප්‍රමාණ දර්ශක පිළිවෙලින් සියයට 10.3 කින්, සියයට 10.2 කින් සහ සියයට 8.5 කින් ඉහළ ගියේය. ඉදිකිරීම් අංශයෙහි සීඝ්‍ර වර්ධනයත් සමග පෙදරේරු සහ වඩු කාර්මික වෘත්තීන් හි ශ්‍රම ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් 2017 වසරේ දී එම වෘත්තීන් හි නාමික වැටුප්වල පිළිවෙලින් සියයට 12.5 ක සහ සියයට 11.2 ක ඉහළ යෑමක් දක්නට ලැබිණි.

2016 වසරේ දී වාර්තා වූ සියයට 3.7 ක වර්ධනයට සාපේක්ෂව 2017 වසරේ දී අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප් සියයට 1.7 කින් වර්ධනය විය.

2017 මහ බැංකු වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ මූර්ත වැටුප් පහළට.
රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ මූර්ත වැටුප් පහළට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiYp4EhhrReNNoEUnDy-wGV4Hz-KaZkP-GUal2vdx1tjFCUKyoqcTiBoNoM12CX_okAzty3FlfQJAmm4OYhKhBHhQJEJLBNQhuN9rWAW_g1Xf7j4Fhb_NTFfKcMv6STFkGxIK3Ufkxw9I/s1600/low-income-.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiYp4EhhrReNNoEUnDy-wGV4Hz-KaZkP-GUal2vdx1tjFCUKyoqcTiBoNoM12CX_okAzty3FlfQJAmm4OYhKhBHhQJEJLBNQhuN9rWAW_g1Xf7j4Fhb_NTFfKcMv6STFkGxIK3Ufkxw9I/s72-c/low-income-.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_423.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_423.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy