රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිත...
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදුන් වාර්තා වේ. උදයංග වීරතුංග මහතාගේ නැන්දනියක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ බව සඳහන්ය.
ඉකුත් රජය සමයේ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනිමේ සිද්ධියේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් තහනම් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර ඇති බව පෙත්සම්කාරිය පවසයි.
එම නියෝග ලබාගෙන ඇති ආකාරය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දී ඇති පෙත්සම්කාරිය මේ තුළින් උදයංග වීරතුංග මහතාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සදහන් කර තිබේ.
කෙසේවෙතත් පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට තීරණය කළ බව වාර්තා වේ.
COMMENTS