ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති. මේ වන විට පාර්ලිමේන්ත...
ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති.
මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව දැනගන්නට ඇත.
එවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සියලු දේ සුදානම් කර තිබෙන බවත් රන්තර විමසිල්ලෙන් සිටීමට විශේෂ කණ්ඩායමක් යෙදවූ බවත් වාර්තා වේ.
දියවන්නා ඔයේ ජල මට්ටම ගැන නාවික අංශ නිලධාරීහු ද මේ දිනවල අවධානයෙන් පසු වෙති. ගංවතුර සමඟ දියවන්නා ඔයේ කිඹුල් බියක්ද ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහූ කියති.
COMMENTS