දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාගේ දේශපාලනයේ ආරම්භය සඳහා අගමැතිතුමා විශාල මැදහත්වීමක් කළා - කථානායක
Homeප්‍රවෘත්ති

මාගේ දේශපාලනයේ ආරම්භය සඳහා අගමැතිතුමා විශාල මැදහත්වීමක් කළා - කථානායක

PropellerAds

· දශක හතරක පාර්ලිමේන්තු ඉතිහාසයේ දිගු පරිච්ඡේදයක් පුරා තම නාමය සනිටුහන් කරනු ලබන ගරු අග්‍රාමාත්‍යතුමන් පිළිබඳව ස්වකීය අදහස් පළ කළ සියළුම ...

මාගේ දේශපාලනයේ ආරම්භය සඳහා අගමැතිතුමා විශාල මැදහත්වීමක් කළා - කථානායක

· දශක හතරක පාර්ලිමේන්තු ඉතිහාසයේ දිගු පරිච්ඡේදයක් පුරා තම නාමය සනිටුහන් කරනු ලබන ගරු අග්‍රාමාත්‍යතුමන් පිළිබඳව ස්වකීය අදහස් පළ කළ සියළුම දෙනාට මාගේ කෘතඥතාවය පිරිනමනවා.

· මේ දීර්ඝ චාරිකාව තුළ එතුමන් සමග බොහෝ කලක් ඉතා සමීපව කටයුතු කරන්නට හැකි වූ පුද්ගලයෙකු ලෙස ඔබ සැම විසින් ප්‍රකාශ කළ කරුණු මාගේද පිළිගැනීම බව සඳහන් කිරීමට කැමැතියි.

· රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන මාස කිහිපයකින් පසුව එතුමාගේ ආරාධනයෙන් පක්ෂ සභාපතිත්වය ඇතුළු පදවි රාශියක් හොබවමින් එතුමා සමඟ කිට්ටු දේශපාලන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකිවීම ගැන මා අතිශයින් සතුටු වෙනවා.

· එතුමා සතු ඉවසීම, ජය පරාජය සම සිතින් දරා ගැනීම වැනි ගුණාංග දේශපාලනයේ යෙදෙන අළුත් පරපුරට බෙහෙවින් ආදර්ශ සපයා ඇති බව මා කියන්නට කැමැතියි.

· එතුමා විශේෂයෙන්ම අප හා එක්ව කටයුතු කරමින් මේ රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයකට දායක වන්නට හා අප සියළු දෙනා ධෛර්යය කිරීමට හා මෙහෙයවීමට ක්‍රියා කළ අවස්ථා ගණනාවක් මට මේ මොහොතේ සිහිපත් වෙනවා.

· 1995 වසරේ දී කතරගම පැවැත්වුනු පක්ෂ සම්මේලනයේදී සිය පක්ෂය බිහිකල විධායක ජනපති පදවිය අහෝසි කිරීම සඳහා වූ යෝජනාව අනුමත කිරීම හා පසුව ඒ වෙනුවෙන් පෙනී සිටීම අගය කල යුතු වේ.

· 1999 වසරේ දී පැවැත් වූ වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසු මෙරට දේශපාලන සංස්කෘතිය දෑවැන්ත ඉදිරි පිම්මක් ලෙස සනිටුහන් කල හැකි වන 17 වන සංශෝධනය බිහි කිරිමට මුල් වූ පුරවැසි කමිටුව ඇති කර එම පනත් කෙටුම්පත සැකසීමේදී දුන් ධෛර්යය හා උපදෙස් සිහි කළ යුතුයි.

· 2002 දී නව මැතිවරණ ක්‍රමයක් හා මනාප ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ ජනමතය ගරු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇති කිරීමට දුන් සහයක් අගය කළ යුතුය.

· 2002 වර්ෂයේදී තොරතුරු පනතක් ඉදිරිපත් කිරීම සඳහා රටේ හා පක්ෂය තුළ වූ අදහස්වලට ගරු කරමින් ඒ සඳහා දුන් අනුබලය හා නායකත්වය විශේෂයෙන් සිහි කළ යුතුය. ආංශික කාරක සභා හා අග්‍රාමාත්‍යවරයා පිළිතුරු සැපයීම වැනි නව සම්ප්‍රදා ඇති කරමින් 8 වෙනි පාර්ලිමේන්තුවට නවෝපාංග හඳුන්වා දී ආදර්ශමත් ව්‍යවස්ථාදායකයක් බිහි කිරීමට ගත් පියවර මේ අවස්ථාවේදී අගය කරනවා.

· ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් කිරීමේ දී එතුමන් සැම විටම සියළු දෙනා ධෛර්යය සපයමින් සැබෑ පරිණත ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ කාර්යභාරය ඉටු කළ බව මා සඳහන් කිරීමට කැමතියි. මා ඉහත සදහන් කරුණු ගෙනහැර පෑවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එතුමා දුන් දායකත්වය සිහි කිරීමටයි. එලෙස ‍පොදු මතයක හිඳිමින් ක්‍රියාකළ අවස්ථා වගේම ඇතැම් කාරණා සම්බන්ධව අප එකඟ නොවූ අවස්ථාද තිබෙනවා. නමුත්, ඒ එකඟ නොවූ අවස්ථාවල පවා අප එකිනෙකාගේ මතවලට ගරු කරමින් කටයුතු කළ බව මට සිහිපත් වෙනවා. එය දේශපාලනයේ විශාල පරිණතබවක්.

 · දේශපාලනයේ යෙදෙන කාටත් එවැනි ආත්ම සංයමයක් අවශ්‍ය බව මාගේ හැගීමයි.

· ක්‍රියාකාරී දේශපාලනයෙහි ලා මාගේ ගමනේ ආරම්භය සඳහාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශාල මැදහත්වීමක් සිදු කළ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.

· කොළඹ නගර සභාවෙන් මා ආරම්භ කළ එම ගමන එතුමාගේ බලවත් ඉල්ලීමක් (විටෙක බල කිරීමක් කිව්වත් වැරදි නැහැ) නිසා සිදු වූවක්.

· මා දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමට අපේක්ෂා කරන්නේ නැහැ. කෙසේ වෙතත් වැදගත් අදහස් තුලින් අද දවසේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පිලිබඳ කථා කළ මන්ත්‍රීවරුන්ගේ අදහස් සමග එකඟ වෙමින් ඔබ සියළු දෙනාටම කථානායකවරයා ලෙස යළිත් මාගේ කෘතවේදීත්වය පිරිනමමින් ගරු අග්‍රාමාත්‍යතුමන්ට ඉදිරි අනාගතයේ දී ද මේ රට වෙනුවෙන් විශාල සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29401,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාගේ දේශපාලනයේ ආරම්භය සඳහා අගමැතිතුමා විශාල මැදහත්වීමක් කළා - කථානායක
මාගේ දේශපාලනයේ ආරම්භය සඳහා අගමැතිතුමා විශාල මැදහත්වීමක් කළා - කථානායක
http://ift.tt/2uqiAEO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy