මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරුවේ ශාඛාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණු අද (24) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මේ අතර මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
COMMENTS