ඇමැතිවරයකු නඩත්තු කිරීමට මාසයකට දළ වශයෙන් රුපියල් ලක්‍ෂ 70 ක මුදලක් මහජනතාවට වියදම් කිරීමට සිදුවෙන බවත් ඒ අනුව සම්පූර්ණ ඇමැති මණ්‌ඩලය නඩත්...
ඇමැතිවරයකු නඩත්තු කිරීමට මාසයකට දළ වශයෙන් රුපියල් ලක්‍ෂ 70 ක මුදලක් මහජනතාවට වියදම් කිරීමට සිදුවෙන බවත් ඒ අනුව සම්පූර්ණ ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට මාසයකට ලක්‍ෂ 5600 ක මුදලක් වියදම් කිරීමට සිදු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී ය.
එහිදී ජී. එල්. පීරිස් මහතා මෙසේද පැවසී ය.
“ඇමැතිවරයකු නඩත්තු කිරීමට මහජනතාවට වියදම් කිරීමට සිදුවෙනවා මාසයකට දළ වශයෙන් රුපියල් ලක්‍ෂ 70 ක මුදලක්. සම්පූර්ණ ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට ජනතාවට මාසයකට වියදම් කිරීමට සිදුවෙනව ලක්‍ෂ 5600 ක මුදලක්. මේවා ගැන තැකීමක් නැහැ. දැන් එ.ජා.ප. යෙන් ඉල්ලීමක් තිබෙනවා තවත් නියෝජ්‍ය ඇමැති ධුර හයක් සහ අධීක්‍ෂණ මන්ත්‍රීවරු 30 ක් පත් කළ යුතු බවට. මේ සියල්ලේම ඇත්තේ එකම අරමුණයි.“
ජනතා ප්‍රශ්න විසඳීමට රජයේ කිසිදු උනන්දුවක් නෑ. ඔවුන්ට අවශ්‍ය කුමන අයුරකින් හෝ බලයේ සිටීම පමණයි. ඉදිරි ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙබරවාරි 10 වැනිදා ලැබූ ජයග්‍රහණයට වඩා ජයග්‍රහණයක් ලබනවා. ආණ්‌ඩුවක් ගෙදර යෑවීමට අද තියෙන තරම් ජනතාව තුළ තිබෙන උනන්දුවක් ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ“ යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS