කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි පන්දුවට පහරදීමට තීරණය කළ අතර පළමු තරගයට එක් නොවූ ලෝකේෂ් රාහුල්, ධවාන් සමග ඉනිම ආරම්භ කළේය. ල...
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි පන්දුවට පහරදීමට තීරණය කළ අතර පළමු තරගයට එක් නොවූ ලෝකේෂ් රාහුල්, ධවාන් සමග ඉනිම ආරම්භ කළේය. ලකුණු 56 දී පළමු කඩුල්ල ලෙස ෂිකාර් ධවාන් දවාගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වූ තඅර ඒ වනවිට ඔහු ලබාගෙන සිටියේ ලකුණු 35 ක් පමණි. ලකුණු 109 දී ලෝකේෂ් රාහුල් (56) දෙවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවීගිය අතර විරාට් කෝලි ලකණු 13 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට රංගන හේරත් සමත් විය.
ලකුණු 133 දී පිටියේ එක්වූ චේටෙෂ්වර් පුජාරා සහ අජින්ක්යා රහනේ දිනය නිමාවන විට සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 211 ක සබඳතාවයක් වාර්තා කළේය. පුජරා ලකුණු 128 ක් ලබාගෙන සිටින අතර රහනේ ලකුණු 103 ක් ලබාගෙන සිටී.
පන්දු යැවීමේදී හේරත් සහ දිල්රුවන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. අද තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් මලින්ද පුෂපකුමාට එතරම් සාර්ථකවීමට නොහැකි වූ අතර ඔහුට එහෙිව හොඳින් ලකුණු රැස්කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත් විය. 80 වැනි ඕවරය අවසානයේ ශ්‍රී ලංකා නායකයා නව පන්දුව ලබාගත් අතර නව පන්දුවෙන් යැවූ පළමු ඕවරයේදීම කණ්ඩායමේ සිටින එකම වේගපන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය. ඔහුට හෙට දිනයේදී පන්දු යැවීමට හැකියාව තිබේද යන්න පිළිබඳ නිශ්චිතව තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
COMMENTS