ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය, විශේෂ මහා සභාවකින් පත්කර ගත් නීලවර්ණ කමිටුව හමුවේ මැයි 31 වැනිදා පැවැත්විමට ක්‍රීඩා ආමත්‍යංශය විසින් ශ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය, විශේෂ මහා සභාවකින් පත්කර ගත් නීලවර්ණ කමිටුව හමුවේ මැයි 31 වැනිදා පැවැත්විමට ක්‍රීඩා ආමත්‍යංශය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දි තිබේ.
නීතිපතිගේ උපදෙස් අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ (සංශෝධිත) 39(1) වගන්තිය අනුව ක්‍රීඩා ඇමති විසින් මෙම නියෝගය කර ඇති බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාතික ක්‍රීඩා සංගමයක් ප්‍රජාතන්ත්‍රවාදීව පත් කර ගන්නා නිලධාරී මණ්ඩලයකින් පාලනය විමේ අවශ්‍යතාව අනුව ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් මෙම තිරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය මැයි මස 19වන දින පැවැත්වීමට නියමිතව තිබුණි.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන අනුව නිලවරණය පැවැත්විමේ දිනය කල් දැමීමට නියෝග කර ඇති අතර නව දිනය ලෙස මේ මස 31 වැනිදා ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
COMMENTS