ප සුගියදා පැවති විජයග්‍රහණය සමරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කථාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර සිංහල බෞද්ධ ජාතිය...
පසුගියදා පැවති විජයග්‍රහණය සමරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කථාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර සිංහල බෞද්ධ ජාතිය අමතමින් සිදුකරන ලද්දක් යැයි දෙමළ ජාතික සංධානය චෝදනා කරයි.
එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා චෝදනා කරන්නේ මේ ආකාරයේ කතාවක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමෙන් රට තුළ සිංහල-බෞද්ධ නොවන ජනතාව ඇුතුළු දෙමළ ජනතාවට දැඩි මානසික පීඩනයක් ඇති වූ බවයි.
මෙරට සියලුම ජාතීන්ගේ නායකයා ලෙස පත්ව සිටින ජනාධිපතිවරයා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් බෞද්ධ ජනතාව ඉලක්ක කරගෙන සිදු කිරීම බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ එම කතාවෙන් යුද අපරාධ සියල්ල වසන් කිරීමට උත්සාහ කල බවත් යුද්ධය සාධාරණීකරණය කර ඇති බවත් ඔහු කියා සිටියේය.
යාපනයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම චෝදනා කරන ලදී.

COMMENTS