2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය...
2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 දී තමන් විශ්‍රාම නොයන බව ඒ මහතා කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පසුගිය සමයේ යුද අත්දැකීම් සමඟින් නැවත යුද්ධයක් ඇති නොවෙන්න අපි වැඩ කරන්න ඕනි. ජාතික සමඟිය ඇති කරන්න ඕනි. ඒ සඳහා වෘත්තීය සමිති හා කමිකරු පන්තියට කළ හැකි මෙහෙය විශාලයි. යුද්ධය ඉවරවෙලා අවුරුදු 10 ට ආසන්නයි. අපි ජාතීන් අතර සමඟිය ඇති කරන්න ගොඩක් වැඩ කළා. සැකයෙන් බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය අපි තහවුරු කරලා තියෙනවා. ජාතික සංහිඳියාව ගොඩ නඟන්න අපි කරපුවා ඇතැම් දේශපාලන කණ්ඩායම් අපහාසයෙන් උපහාසයෙන් විවේචනය කළා. අපි තේරුම් ගන්න ඕනි යුද්ධයෙන් තුවක්කුවලින් ප්‍රශ්න විසඳහන්න බෑ. මනුෂ්‍යත්වයෙන් ඕනි ප්‍රශ්න විසඳන්න. ඒක දියුණු සමාජයක ලක්ෂණයක්.”
“අපි ඒ සඳහා කැප වෙන්න ඕනි. දේශපාන පක්ෂ වගේම දේශපාලඥයින් අවංක වෙන්න ඕනි. ඒක අපි ක්‍රියාවෙන් පෙන්නන ඕනි. බලය ලබා ගන්න නොයෙකුත් අය විවිධ දේ කියනවා මවා පෙන්නනවා. බලය ලබා ගැනීමේ සිහිනවල බොහෝ අය ඉන්නවා. නමුත් ජාතික සමඟිය ගොඩනඟන්න කී දෙනෙක්ගේ අවංක කැප කිරීමක් තියේද කියලා මට කියන්න. මේ ප්‍රශ්න අළුයට ගිනි වගෙයි.නැවත තුවක්කු අතට ගන්න යුගයක් වැළැක්විය යුතුයි. අපි විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කළා. අඩුපාඩු ඇති. නමුත් අපි ශක්තිමත් ගමනක් යා යුතුයි.රටට ආදරේ නම් දේශපාලන නායකයින් ස්ථිරව ජාතික සමඟිය ඇති කරන්න කැප වෙන්න ඕනි.”යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS