ඊයේ (02) නව සඳ දිස්වීමෙන් අනතුරුව හජ්ජි මාසය ආරම්භ කිරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. ඒ අනුව ඊදුල් අල්හා හජ්ජි උත්සවය එළඹෙන ...
ඊයේ (02) නව සඳ දිස්වීමෙන් අනතුරුව හජ්ජි මාසය ආරම්භ කිරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.
ඒ අනුව ඊදුල් අල්හා හජ්ජි උත්සවය එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා සැමරීමට තීරණය කර ඇති බව කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කර සිටී.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය මොහොමඩ් හලීම් මහතා ප්‍රකාශ කළේ වාර්ෂික හජ් වන්දනාව සඳහා මෙවර ශ්‍රී ලාංකිකයින් 2240 දෙනෙකුට අවස්ථාව හිමිවන බවයි.
එම ප්‍රමාණය ඉහළ නංවාගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ත වූ බව ද හෙතෙම පැවසුවේය.
හජ් වන්දනා කටයුතු සඳහා වැය වන මුදල ද පහල දැමීමට තමන්ට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.
COMMENTS