යාපනය දිස්ත්‍රික්කය තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම කෙරෙහි ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙ...
යාපනය දිස්ත්‍රික්කය තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම කෙරෙහි ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම පිණිස නියෝජ්‍ය කථානායක හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පසුගිය 27 වනදා යාපනයේ සංචාරය කළ අතර මේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාද සහභාගි වුණි.
යාපනයේ කයිට්ස් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මණ්ඩතිවු පළාතේ අක්කර 50ක භූමියක් මේ සඳහා දැනටමත් ලබාගෙන ඇති අතර එම ඉඩම පරීක්ෂා කිරීම තිලංග සුමතිපාල මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදු කරණු ලැබීය.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව සියලු ක්‍රීඩා පුහුණුවීමට හැකි ක්‍රීඩාංගණයක්ද මෙම භූමියේ ඉදි කෙරෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමෙන් පසුව උතුරේ ක්‍රීඩකයින්ට විධිමත් පුහුණුවක් ලබා දී ඔවුන්ගෙන් දස්කම් දක්වන ක්‍රීඩකයින් ජාතික ක්‍රිකට් සංචිතයට එක් කිරීමටද බලාපොරොත්තු වේ.
ඒ සමගම යාපනයේ සියලුම ක්‍රීඩාවල ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය වන්නේද මෙම නව ක්‍රීඩාංගණයයි.
COMMENTS