ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත්කෙරුණු නව දිස්ති‍්‍රක් සංවිධායකවරු තිදෙනෙක් පසුගිය 26 වනදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛතී...
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත්කෙරුණු නව දිස්ති‍්‍රක් සංවිධායකවරු තිදෙනෙක් පසුගිය 26 වනදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ති‍්‍රක් නව සංවිධායකවරයෙකු ලෙස පූජාපිටිය හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර අනුර කුමාර මඩලුස්ස මහතා පත්කර තිබෙන අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ති‍්‍රක් නව සංවිධායකවරයෙකු වශයෙන් ඩබ්.එම්. වීරසූරිය මහතා පත්කර තිබේ.
එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මඩකලපුව දිස්ති‍්‍රක් නව සංවිධායකවරයෙකු ලෙස පත්කෙරුණු ටී. කලේන්ද්‍රන් මහතා ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
මේ අතර ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ නායකත්වයෙන් යුත් TMVP පක්ෂයේ එරාවූර් ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර ජී. විජිදරන් මහතා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් අද ජනාධිපතිවරයා සමග එක්විය.
එමෙන්ම විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයෙකු වන කේ. කේදීස්වරන් මහතා ද ජනාධිපතිවරයා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කළේය.
COMMENTS