දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවෙන් යන්නයි UNPය, SLFPයට කියයි : රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක්‌.
Homeගොසිප්

ආණ්ඩුවෙන් යන්නයි UNPය, SLFPයට කියයි : රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක්‌.

PropellerAds

අනිද්දා (04 වැනිදා) පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී අගමැතිවරයා දිනුවත් පරාජය වුවත් ස්‌ථිර වශයෙන්...

පොහොය දිනයේ විශාල සුපිරි සඳ ලෝකය පුරා දර්ශනය වූ අයුරු ඡායාරූප
පළමු තුන්කොන් තරගයේ ජය ශ්‍රී ලංකාවට
ලේඛකයාගේ දත් දෙකක් කැඩූ කොන්දොස්තර රිමාන්ඩ්

අනිද්දා (04 වැනිදා) පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී අගමැතිවරයා දිනුවත් පරාජය වුවත් ස්‌ථිර වශයෙන්ම නව ආණ්‌ඩුවක්‌ බිහිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව එදින අවසන් වී ඔහුට සහාය පළ කරන පිරිසකගෙන් සමන්විත නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සහ ඒ අනුව විශ්වාසභංගයට සහාය පළ කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට විපක්‍ෂයට යැමට ද සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එහෙත් එහිදී පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව අවසන් වන නිසා රනිල් වික්‍රමසිංහ මහතාට පිහිටුවීමට සිදුවනු ඇත්තේ 30 දක්‌වා අඩුකරන ලද අමාත්‍ය මණ්‌ඩලයකින් යුත් ආණ්‌ඩුවක්‌ බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි අයෙක්‌ අගමැතිවරයා ලෙස පත්කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සිදුවනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිප සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දැනටමත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය පළකිරීමට නිල නොවන වශයෙන් තීන්දුවක්‌ ගෙන ඇති බවත් අද (02) දින සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මේ සම්බන්ධයෙන් නිල තීන්දුවක්‌ ගනු ඇති බවත් ශ්‍රීලනිප ආරංචි මාර්ග හෙළි කරයි.

ආණ්ඩුවෙන් යන්නයි UNP ඇමතිවරු SLFP ඇමතීන්ට කීමට යයි

ආණ්ඩුව නියේජනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට තවදුරටත් සාමූහික වගකීම ආරක්ෂාකිරීමට නොහැකිනම් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා ලෙස ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

මණ්ඩලය තුළ ගන්නා තීරණවලට එකඟ වී පසුව විවිධ ස්ථානවලදී රජය විවේචනය කරමින් හැසිරීම දිගින් දිගටම කළ නොහැකි බවත්, තවදුරටත් එසේ කිරීමට අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්ව විවේචනය කරන ලෙසත් මෙම අමාත්‍යවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමට සූදානමක් පවතී.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව සමස්ත ආණ්ඩුවටම බැවින් විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ආණ්ඩුව විසිරෙන බවත්, ආණ්ඩුව තුළ සිටිමින් විශ්වාසභංග යෝජනාවට පක්ෂ වීමට කිසිදු සදාචාරාත්මත අයිතියක් නැති බවටත් කරුණු දැක්වීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සාකච්ඡාකර ඇත.

එමෙන්ම විශ්වාසභංග යෝජනාවට පක්ෂවීමට අවශ්‍යනම් වහාම ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසද ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇති බවද වාර්තාවේ.

යහපාලන ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ පාර්ශ්වයේ අමාත්‍යවරුන්ගේ සංශෝධනය සිදුකර සති දෙකක් යෑමට මත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සංශෝධනය සිදුකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මෙතෙක් එවැන්නක් සිදුනොකිරීම පිළිබඳවද එක්සත් ජාතික පක්ෂයේ කනගාටුව මෙහිදී  ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුව තුළ අඩුපාඩු ඇත්නම් ඒවා සකස්කරගනිමින් ඉදිරියට යාම වෙනුවටආණ්ඩුව වෙනස් කිරීමට මැතිවරණයෙන් ආණ්ඩුට එක් වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත්, අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්ව යනලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමටත් මොවුන්සාකච්ඡාකර ඇත.


එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ තීරණය කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන හෙට (03දා) දිනයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමටද සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවෙන් යන්නයි UNPය, SLFPයට කියයි : රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක්‌.
ආණ්ඩුවෙන් යන්නයි UNPය, SLFPයට කියයි : රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක්‌.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEid7WCbtXKP2lwHfFErU2pgTs_4P1SUSdK0iO9hp7BZVbyo46h_AZsdwR4njQIU00vIsE3itoevIa-SPcWcO9gnayWXmIj731dtBFHsb5eikSIEakfh4G-4Pvk-kwg3VXPvOsMLd8kSPoI/s1600/slfp-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEid7WCbtXKP2lwHfFErU2pgTs_4P1SUSdK0iO9hp7BZVbyo46h_AZsdwR4njQIU00vIsE3itoevIa-SPcWcO9gnayWXmIj731dtBFHsb5eikSIEakfh4G-4Pvk-kwg3VXPvOsMLd8kSPoI/s72-c/slfp-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/unp-slfp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/unp-slfp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy