වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවිම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහතාට යලි ගාල්ල කරාපිටිය ශික්ෂණ...
වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවිම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහතාට යලි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරීම සදහා අනුමැතිය ලබා දුන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් රිචඩ් පර්මින් මහතාට හෘද සැත්කම් කිරීම සදහා යලි අවස්ථාව ලබා දෙන බව පවසමින් අදාල අංශ වෙත ලිඛිතව ඊයේ (19) පස්වරුවේ දැනුම් දෙනු ලැබිය. රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් පෙරේදා (18) රිචඩ් පර්මින් වෛද්‍යවරයා විසින් සිදු කිරිමට නියමිත සැත්කම් පරික්ෂණ නිමවන තුරු තාවකාලිකව නතර කරණ ලෙස නියෝග කරමින් අදාල අංශ වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබිය.
එහෙත් එම ලිපිය නිකුත්කොට පැය 24ක් ගතවිමට මත්තෙන් එම ලිපිය යලි ඉවත් කර ගැනීමට රෝහල් අධ්‍යක්ෂකවරයාට සිදුවිය. මේ පිළිබද අප කළ විමසුමකදි රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා මෙසේ කිවේය.
“සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත තමයි මේ ගැන සොයා බලන තෙක් එංගලන්ත ජාතික වෛද්‍යවරයා විසින් කරාපිටිය රෝහලේ සිදු කිරීමට නියමිතව තිබු සැත්කම් තාවකාලිකව නතර කරණ ලෙස ඉල්ලා මා විසින් මිට පෙර ලිපියක් නිකුත් කළේ නමුත්. වෛද්‍ය සභාවෙන් කියනවා මෙකි එංගලන්ත ජාතික විශේෂඥ, වෛද්‍යවරයාට සැත්කම් කිරිම සදහා අනුමැතිය ලබා දුන්නේ හොදට සොයා බලා කියලා. ඒ නිසා යලි මේ ගැන පරික්ෂා කිරිමට අවශ්‍ය නොවන බව දැනුම් දුන්නා. ඒ අනුව මා විසින් මිට පෙර නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගත්තා.”
රිචඩ් පර්මින් නැමති එංගලන්ත ජාතික විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා එංගලන්ත වෛද්‍ය සභාව මගින් නිකුත් කරණු ලබන (license to practice) බලපත්‍රය නොමැතිව කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් සිදු කරණ බවත් මෙය නතර කිරිමට කටයුතු නොකළහොත් ඉදිරියේ දි වෘත්තිය ක්‍රියමාර්ගයක් ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාව විසින් රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත මිට පෙර ලිඛිතව දැනුම් දි තිබුණි.
විදේශිය රටක විශේෂඥ වෛද්‍යවරයකුට මෙරට සේවය කිරිම සදහා එරට වෛද්‍ය සභාව මගින් නිකුත් කරණ ලබන බලපත්‍රයක් තිබිය යුතු වුවත් රිචඩ් පර්මින් නැමති විශේෂඥ වෛද්‍යවරයා ට එවැනි බලපත්‍රයක් නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාව පෙන්වා දි තිබුණි.
(ලලිත් චාමින්ද)
COMMENTS