දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලසන්ත ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවූ CID නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කරන්න.
Homeගොසිප්

ලසන්ත ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවූ CID නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කරන්න.

PropellerAds

හිටපු සන්ඩේලීඩර් කර්තෘ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ එවකට පරීක්ෂණ පැවැත්වූ දැනට රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන බන...

ලසන්තගේ ඥාතීන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න - අමෙරිකාව ඉල්ලයි.
අන්ධයන් අලියාගේ හැටි කියයිද? : බැඳුම්කර විවාදය වාර්තාව නැතුව.
බැඳුම්කර අලාභය පියවීමට මෙන්ඩිස් සමාගම පවරා ගැනීමට යයි.

හිටපු සන්ඩේලීඩර් කර්තෘ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ එවකට පරීක්ෂණ පැවැත්වූ දැනට රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින එම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්න්ධව බරපතළ ගැටලුවක් ඇති වී ඇති බව පවසන රහස් පොලිසිය ඔවුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කර තිබේ.

ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල, එවකට එම ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන මහත්වරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වය පැන නැගී ඇති බව රහස් පොලිසිය පවසයි.

එනම් මීට වසර කීපයකට ඉහතදී මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි නුවරඑළියේ ජේසුදාසන් සහ ලසන්ත ඝාතනයට යතුරුපැදියේ පැමිණි අනුරාධපුරයේ තරුණයෙකු එම කාලය තුළ අභිරහස් ලෙසමිය ගොස් තිබීම අවධානයට ගනිමිනි. ජේසුදාසන් යන අය බන්ධනාගාරය තුළදීම මිය ගොස් සිටි අතර යතුරු පැදි සැකකරු ඇප ලබා සිටියදී හදිසි අනතුරකින් අභිරහස් ලෙස මිය ගොස් තිබිණි.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් සමඟ එම ඝාතනයට ආදළ සැකකරුවන් සම්බන්ධ වැදගත් සාක්ෂියක් ඔවුන්ගේ මරණයත් සමඟ අහිමි විය. දැනට බන්ධනාගාරගතව සිටින උප පොලිස් පරීක්ෂක සුගතපාල මහතාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාත් බැලීමට බන්ධනාගාරයෙන් අවසර නොලබා වෙනත් රැඳවියෙකු බැලීමට අවසර ගත් පුද්ගලයෙක් පසුගිය දිනෙක ප්‍රසන්න නානායක්කාර මහතාත් සුගතපාල මහතාත් හමුවීමට ගොස් ඇති බව රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

ඔහු පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු වලට සම්බන්ධව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවද හෙළිකර ගෙන තිබේ.

ඔහු දුමින්ද සිල්වා මහතා බැලීමට යැයි අවසර ලබා ගෙන ඒ මහතා බැලීමට නොගොස් ඉහත සඳහන් පොලිස් නිලධාරීන් බැලීමට ගොස් ඇති බවද රහස් පොලිසිය පවසයි.

රහස් පොලිසිය මෙම සිද්ධිය සහ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ ප්‍රධාන පරීක්ෂක නිලධාරීන් මෙන්ම ඉදිරියේදී එම නඩුවේ ප්‍රධාන ශාක්ෂිකරුවන් බවටද පත් වීමට ඉඩ ඇති මෙම නිලධාරීන් හොර රහසේ බැලීමට ගොස් ඇත්තේ එම සාක්ෂිකරුවන්ට යම් බලපෑමක් එල්ල කිරීමට ද එසේත් නැතහොත් යම් කිසි තර්ජනයක් එල්ල කිරීමටද යන්න සැක සහිත තත්ත්වයක් ඇතිවී තිබෙන බව පසුගිය සතියේ රහස් පොලිස් නිලධාරීන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙතද වාර්තා කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දින පොත සහ ගල්කිස්ස පොලීසිය පැවැත්වූ පරීක්ෂණ වල අස්ථාන ගත කර සහ වෙනස් කර තිබූ කූට ලේඛන සියල්ලක්ම සොයා ගනු ලැබුවේ උපපොලිස් පරීක්ෂක සුගතපාල මහතාගේ නිවසේ සඟවා තිබියදීය. ඒවා මෙම ඝාතනය ඔප්පු කිරීමට ඇති වැදගත් සාක්ෂි වන අතර ලසන්ත ඝාතනයට සහ එම පරීක්ෂණ ඒ ආකාරයෙන් වෙනස් කිරීමට උපදෙස් හෝ නියෝග මෙම නිලධාරීන්ට ලැබුණේ කොහෙන්ද කාගෙන්ද යන්න සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට මෙම පොලිස් නිලධාරීන් ඉදිරියේදී සූදානම්ව සිටින බැවින් ඒ අනුව ඔවුන්ට යම් බලපෑමක් එල්ල වුවහොත් ජේසුදාසන් සහ අනෙක් සැකකරුගේ සාක්ෂි අහිමි වී ගියා. සේ මෙම නිලධාරීන්ගේ සාක්ෂිද යටපත් වීමට ඉඩ තිබිය හැකි බව රහස් පොලීසිය සැක කරයි. එසේ වුවහොත් ලසන්ත ඝාතනය යළිත් ඔප්පු කර ගැනීමට නොහැකි වන බව ඔවුන්ගේ විශ්වාසය වෙයි.

එම නිසා මෙම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බැවින් රහස් පොලිසිය අධිකරණයට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙසේ දැන්වීම සිදු කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවූ CID නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කරන්න.
ලසන්ත ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවූ CID නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කරන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIz5QD4lCLlgWeUOErnNDHXo8FaXsENUIx9cVTc2GmkkkP8yDxVdLATGTNfusQvClxVhavlT9cAaCNGlvxsMltWqrNR7vEpnvKfCBTBUAljC2U9ZMV-caF3aCdVu5hL0JGB5WE7OXfVEs/s1600/lasantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIz5QD4lCLlgWeUOErnNDHXo8FaXsENUIx9cVTc2GmkkkP8yDxVdLATGTNfusQvClxVhavlT9cAaCNGlvxsMltWqrNR7vEpnvKfCBTBUAljC2U9ZMV-caF3aCdVu5hL0JGB5WE7OXfVEs/s72-c/lasantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/cid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/cid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy