බැඳුම්කර වංචාව හේතුවෙන් රජයට අහිමි කළ මුදල පියවා ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගම පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව...
බැඳුම්කර වංචාව හේතුවෙන් රජයට අහිමි කළ මුදල පියවා ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගම පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව අදාල බැඳුම්කර නිකුතුව හරහා රජයට රුපියල් මිලියන 11,145 ක පාඩුවක් සිදුව ඇති අතර එය අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අයකර ගත යුතු බව කොමිසම විසින් නිර්දේශ කර තිබේ.
මෙන්ඩිස් සමාගම යනු මෙරට අංක එකේ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන අතර එය අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ව්‍යාපාර අතුරින් ප්‍රධානතම ව්‍යාපාරයකි.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයේදීද අවධාරණය කළේ රජයට සිදුව ඇති අලාභය අයකර ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බවයි.
COMMENTS