බැංකු සේවිකාවක ලෙසින් පෙනි සිටිමින් මහාජන මුදල් කොල්ල කෑමේ නිරතවු කාන්තවක් අත්අඩංගුවට ගැනිමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහාය ඉල්ලා ස...
බැංකු සේවිකාවක ලෙසින් පෙනි සිටිමින් මහාජන මුදල් කොල්ල කෑමේ නිරතවු කාන්තවක් අත්අඩංගුවට ගැනිමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහාය ඉල්ලා සිටියි.
ප්‍රතමතන්ත්‍රිගේ දෝන නිශාදි ධනුෂ්කා වන මෙම කාන්තාව සම්බන්ධයෙන් කොටුව, අලුත්කඩේ, මාළිගාකන්ඳ සහ මොරටුව යන මහේස්ත්‍රාත් අධිකරණයන් හි නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරමින් මුදල් වංචාකර සාපරාධි පරිහරණය යටතේ ඇය චෝදන ඉල්ලවි තිබේ. දැනට මෙම කාන්තාව පදිංචි ලිපිනය මගහැර සිටියි.
ඇය සම්බන්ධ තොරතුරක් වෙතොත් පහත අංක වෙත ලබා දෙන ලෙස කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඉල්ලා සිටියි.
අධ්‍යක්ෂ කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය - 011 - 2673593
ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය - 011 - 2673571
කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය - 011 - 2673590
COMMENTS