සංවිධානාත්මක පිරිසක් විසින් ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානිකර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පරීක...
සංවිධානාත්මක පිරිසක් විසින් ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානිකර තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භකර ඇත.
පසුගිය 07 වැනිදා සහ 08 වැනිදා අළුයම් කාලයේදී එම පිරිස විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බව පොලීසිය පවසයි.
උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට එලෙස හානි කර ඇත.
උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට සහ ගෝමරන්කඩවල හිරියාය හන්දියේ පිහිටි බුදු පිළිමයට කළු තෙල් වත් කර ඇති අතර පසුව ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් එම පිළිම සෝදා පිරිසිදුකර තිබේ.
කෙසේ වුවද මේ වන විට ත්‍රිකුණාමල ප‍්‍රදේශයේ බුදු පිළිමවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇත.
ඒ සඳහා නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) සාකච්ඡාවක්ද පැවැත්විණි.
මේ අතර රට තුළ සංහිඳියාවක් ගොඩනැගීම සඳහා බෞද්ධයින් මෙන්ම සෙසු ආගමිකයින් තුළ ද කැපවීමක් තිබිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
බුදු පිළිම කඩා දැමීම සහ වෙහර විහාරස්ථානවලට එරෙහි විවිධ ක‍්‍රියා හේතුවෙන් සංහිඳියාව ගොඩනැගීමට බාධා එල්ල වන බව උන්වහන්සේ පෙන්වා දෙති.
COMMENTS