හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 32 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. හම්බන්තො...
හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 32 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුන් ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වෙයි.
එම පිරිස අතර සිටි බාලවයස්කරුවෙකු පරිවාස බාරයට පත් කිරීමට ද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.
හම්බන්තොට නව ආයෝජන කලාපයේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවය අතරතුරදී කලහාකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS