දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක් - හමුදාපති
Homeප්‍රවෘත්ති

සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක් - හමුදාපති

PropellerAds

අ ප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමය...

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ
පවුල් කඩන ඉන්දියානු අ‍‍ඬෝවැඩියා ටෙලිවලට තිත - ජනපති තීන්දුවක් ගන්න සූදානම්
මෛත්‍රීට ගෑවුණු එකෙකුට ඡන්දේ දෙන්න එපා! – මෛත්‍රීට පොහොට්ටුවෙන් දැවැන්ත ප්‍රහාරයක්
ප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසට සියලුම ජන කොටස්වලින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේදී මුළු ලෝකයේම වැඩිම අවධානයකට පත්ව තිබෙන්නේ එම වයිරසය ව්‍යාප්ත වී 04, 05, සහ 06 වැනි සති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 05 වැනි සතියේ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

අප්‍රේල් මස 10 වැනිදා කොරෝනා මැඬලන්නට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අඛණ්ඩ වැඩසටහනේ පස්වැනි සතිය අප්‍රේල් මස 17 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන 6 වැනි සතිය අප්‍රේල් මස 24 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකාව පවතින තත්ත්වය සහ ඉන් එහාට කළ යුත්තේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගත හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මෙම කාලය තුළ රටේ පොදු මහජනතාවගේ සහාය උපරිමව ලැබුණොත් මෙරට සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවත් එම කාලය තුළ වාර්තා වන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පමණක් වාර්තා වුවහොත් අලුතින් රෝගීන් පිරිස් හමුවීමට නොහැකි බවත් එය ඉලක්ක කරගනිමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි අදාළ සියලුම අංශ දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සති 4 අවසන් වන විට 29%ක වැනි මට්ටමක ශ්‍රී ලංකාව පැවැතීම වෙනත් රටවලට සාපේක්ෂව සතුටට පත්විය හැකි බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

පළමු සතිය තුළ ශ්‍රී ලංකාව 137%ක මට්ටමක පැවතුණු බවත් එය තුන්වැනි සතිය වන විට 40% දක්වා අඩු වූ බවත් 4 වැනි සතිය වන විට එය 29% දක්වා අඩු වූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

4 වැනි සතිය වන විට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම

ස්පාඤ්ඤය 1117%
ඇමෙරිකා 537%
ජර්මනිය 475%
බ්‍රිතාන්‍ය 447%
ඉතාලිය 292% කි.

ඉහත සංඛ්‍යා ලේඛන සමඟ බලන විට සියලුම දෙනාගේ කැපවීම මත ශි්‍ර ලංකාව මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත්, කොරෝනා වයිරසය මුළුමනින්ම රටෙන් තුරන් කරන තුරුම එම සහයෝගය ඉදිරියටද අත්‍යවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
– Mawbima


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක් - හමුදාපති
සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක් - හමුදාපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbJPKscdAs0iY3DooBtBAdaQH6zSalJqrn96pBznZ7MXQVQcea_eVnoA-M4cPYppoCp1UG3uMXWtDuIjIzyVqXGX-m1Jinr4Bg8xluFMrifTX_bzHJpjGeC8c6hSo-yFOtzVVj6gBTiaGF/s320/Shavendra-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbJPKscdAs0iY3DooBtBAdaQH6zSalJqrn96pBznZ7MXQVQcea_eVnoA-M4cPYppoCp1UG3uMXWtDuIjIzyVqXGX-m1Jinr4Bg8xluFMrifTX_bzHJpjGeC8c6hSo-yFOtzVVj6gBTiaGF/s72-c/Shavendra-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/25_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/25_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy