ඔහු මේ බව සඳහන් කළේ අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප කණ්ඩායම විපක්ෂයේ අසුන්ගැනීමේ තීරණයේ වෙ...
ඔහු මේ බව සඳහන් කළේ අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප කණ්ඩායම විපක්ෂයේ අසුන්ගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බවට අවධාරණය කරමිනි. ඇතැම් විටෙක ඉදිරියේදී ආණ්ඩුවෙන් තවත් අය විපක්ෂයට පැමිණිය හැකි වුවත් තමන් ඇතුළු 16 කණ්ඩායමෙන් කිසිවෙකු හෝ නැවත ආණ්ඩුවට එක්වීමේ සූදානමක් නොමැති බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.
16 කණ්ඩායම විපක්ෂයට එක් වූයේ ආණ්ඩුව පෙරළීමේ බලාපොරොත්තුවකින්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ අවශ්‍ය නම් එයද කළ හැකි බවයි.
- නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS