යහපාලන ආණ්ඩුව පත් කෙරෙන අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවර්ධන ව්‍යාපෘති 36000ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙි. රුපියල් මිල...
යහපාලන ආණ්ඩුව පත් කෙරෙන අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවර්ධන ව්‍යාපෘති 36000ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙි.
රුපියල් මිලියනය දක්වා වන ව්‍යාපෘති 2100ක්ද විමධ්‍යගත ප්‍රතිපාදනය යටතේ ව්‍යාපෘති 1500ක් මෙයට අයත් වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ව්‍යාපෘති 36000 ක්‍රියාත්මක කිරිම අධීක්ෂණ මන්ත්‍රිවරුන්ගේ වගකීම වෙයි.
ජනතා සුබ සිද්ධිය සඳහා අවශ්‍ය නම් පැය 24 පුරාවටම වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල අධීක්ෂණ මන්ත්‍රීවරුනට දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. අධීක්ෂණ මන්ත්‍රිවරුනට තම මැතිවරණ කොට්ඨාශය තුළ අංග සම්පූර්ණ පහසුකම් සහිත කාර්යාලය බැගින් පිහිටුවා ගැනීමටද පහසුකම් සැලසෙන අතර දිස්ත්‍රික්කය පුරා ගමන් කරමින් සේවයේ යෙදීමට ප්‍රමාණවත් ඉන්ධනද නිකුත් කෙරේ. අධීක්ෂණ තනතුරු ලබන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වසර අවසන්වීමට ප්‍රථම ඉහත සංවර්ධන ව්‍යාපෘති 36000 ම සම්පූර්ණ කළ යුතු බවද අගමැති වික්‍රමසිංහ මහතා නිකුත් කළ උපදෙස් වල වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS