ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්විමක් අද (09) රාත්‍රී 07.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්විමක් අද (09) රාත්‍රී 07.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදි පැවැත්විමට නියමිතය.
එහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගැනීමට ද නියමිතය.
පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාට ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්විමට අවස්ථාව ලබාදෙන ලෙස ඔවුන් මේ වන විට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අද දිනයේ තීරණයක් ගැනිමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ මහලේකම් ධුරවල වෙනසක් සිදුකළ යුතු බවට ඉල්ලීමක් අද (09) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසී ය.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබේ.
කෙසේවෙතත් වව්නියාව - ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ඉවත් කරගෙන ඇති බවයි.
විශ්වාසභංග යෝජනාවෙන් පසු මතුව ඇති දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අනිද්දා අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිත බව වාර්තා වේ.
COMMENTS