ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රට පුරා ක්‍රියාත්මක කරමින් සිටියද ඔහුගේ දියණිය වන චතුර...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රට පුරා ක්‍රියාත්මක කරමින් සිටියද ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් මත්පැන් බලපත්‍රයක් හිමි කරගෙන ඇයට අයත් හෝටලයේ මත්පැන් විකිණීම සිදුකරමින් සිටින බව මේ ඉරිදා ඉරිදා නිකුත්වන 'අනිද්දා' පුවත්පතේ මංගල කලාපයෙන් චෝදනා කර තිබේ.
පුවත්පත අද (27) සිට මිලඳී ගත හැක.
නව ප්‍රකාශනයේ කර්තෘ මාණ්ඩලිකයන් වන්නේ ‘රාවය’ පුවත්පතින් ඉවත් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් රැසකි.
ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, මානව අභිමානය සහ වාර්ගික සමගිය වෙනුවෙන් කැප වන බව ගගන හා කියා සිටි ප්‍රධාන කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන විරුද්ධ මතධාරීන්ටත් ‘අනිද්දා’ ඉඩ සලසන බව ප්‍රකාශ කළේය.
අධිනීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ, නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ රංජිත් සෙනරත් පතිරණ නව පුවත්පතේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වෙති.

COMMENTS