දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ්වාසභංගය ජයග්‍රහණය කළත් නැතත් සම්බන්ධන්ගේ තනතුරත් ගැලවෙයි
Homeප්‍රවෘත්ති

විශ්වාසභංගය ජයග්‍රහණය කළත් නැතත් සම්බන්ධන්ගේ තනතුරත් ගැලවෙයි

PropellerAds

අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළත් නැතත්, ඉන්පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමිවීමේ...

කරු - මෝදි අතර සාකච්ඡාවක්
සමහරු මල්වට්ටි අරන් පන්සල් යනවා - හවසට ගෙදර ගිහින් මිනිස්සුන්ට පිස්තෝල දෙනවා
"අපේ හමුදාපති කොන්ඩේ පිරන්නවත් දන්නේ නෑ - තට්ටේ ගාලා ඉන්නේ ඉඩි අමින් වගේ" - ෆොන්සේකා හමුදාපතිට දෙහි කපයි (VIDEO)
විශ්වාසභංගය ජයග්‍රහණය කළත් නැතත් සම්බන්ධන්ගේ තනතුරත් ගැලවෙයි

අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළත් නැතත්, ඉන්පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමිවීමේ අවදානමක්‌ මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබාදී එය ජයග්‍රහණය කළහොත් ආණ්ඩු පෙරළියක් සිදුවන බැවින් එවිට විපක්ෂ නායක ධුරය සම්බන්ධන් මහතාගෙන් ගිලිහී යනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ඒ අනුව අනිද්දා (04) රාත්‍රි 9.30 ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව පසුදා ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක්‌ කරන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළොත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම ජාතික ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට පැමිණෙන බවට මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව විපක්‍ෂ නායක ධුරය හිමිවන්නේ එජනිසයට බවත් එම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමි වූවොත් නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ යටතේ නව ආණ්‌ඩුවක්‌ පිහිටුවනු ලබන බවද එහිදීද සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයිද වාර්තා වේ.

යම් හෙයකින් සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂව ඡන්දය ලබාදී තිබුණොත් තවදුරටත් ඔහුට විපක්‍ෂ නායක ධුරයේ සිටීමට සදාචාරාත්මක අයිතියක්‌ නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ නිසා මෙම විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ආර්. සම්බන්ධන් මහතාද අපහසුතාවකට පත්ව ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව ආර්. සම්බන්ධන් මහතාගේ විපක්ෂ නායක ධුරය අභියෝගයට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරද සාකච්ඡා වෙමින් පවතී.

මෙහිදී යෝජානා වී ඇති ප්‍රධාන කාරණය වන්නේ තම පක්ෂයේ ස්වාධීනත්වය පෙන්වමින් විශ්වාසභංගයට පක්ෂව හෝ විපක්ෂව ඡන්ද පාවිච්චි නොකර සිටීම වඩාත් යෝග්‍ය කාර්යය වනු ඇති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්වාසභංගය ජයග්‍රහණය කළත් නැතත් සම්බන්ධන්ගේ තනතුරත් ගැලවෙයි
විශ්වාසභංගය ජයග්‍රහණය කළත් නැතත් සම්බන්ධන්ගේ තනතුරත් ගැලවෙයි
http://am.lk/media/k2/items/cache/63ffa52c87dfdcf082c384add219de0d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy