සමහරු මල්වට්ටි අරන් පන්සල් යන බවත් හවසට ගෙදර ගිහින් මිනිස්සුන්ට පිස්තෝල දෙන බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කි...
සමහරු මල්වට්ටි අරන් පන්සල් යන බවත් හවසට ගෙදර ගිහින් මිනිස්සුන්ට පිස්තෝල දෙන බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පෙරේදා (09) එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“යහපාලන රජය යටතේ අපේ රට අද අළුත් මාර්ගයක ගමන් කරනවා. එ් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පැහැදිලා. ම්ලේච්ඡ තත්වයේ තිබූ රටක් යහමගට ගැනීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරය අපේ රට ආදර්ශයට අරන් තිබෙනවා. පසුගිය රජය සමයේ සිදු වූ බොහෝ නීති විරෝධී ක‍්‍රියා පසුපස රජය හිටියා. නමුත් යහපාලන රජය නිීති විරෝධී ක‍්‍රියා පසුපස නැහැ. ශීලාචාර රටක් බිහි කරන අත්තිවාරම අද දමා තිබෙනවා. නීතිය කාටත් සමානයි. අද මැති ඇමතිවරුන්ට පවා නීතිය එක සේ ක‍්‍රියාත්මක කරනවා.”
“සමහරු මල්වට්ටි අරන් පන්සල් යනවා. ගෙදර ගිහින් මිනිස්සුන්ට පිස්තෝල දෙනවා. නමුත් යහපාලන රජය බෞද්ධ ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරමින් ශීලාචාර රටක් බිහිකිරීමේ අරමුණින් කටයුතු කරනවා. බුදු දහමේ කියවෙන පරිදි ආමිෂ පූජා, ප‍්‍රතිපත්ති පූජා වගේම බුද්ධාගම පෝෂණය කරන්න බෞද්ධ ප‍්‍රතිපත්තිත් අනුගමනය කරන්න ඕනේ. මේ රජය එවැනි අංග සම්පූර්ණ ආණ්ඩුවක් වීම ගැන මම ආඩම්බර වෙනවා. වසර තුනක් තුල සිදුකල මේ වෙනස අනාගතයට රැුගෙන ගියොත් අපි බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS