වසර හතළිහක් හමුදාවේ සේවය කළ හමුදාපතිවරයෙකුට යුද්ධය තිබියදී රටේ තත්ත්වය තේරුම්ගත හැකි වූයේ නම් යුද්ධය නැති අවස්ථාවේ රටේ තත්ත්වය තේරුම් ගත ...
වසර හතළිහක් හමුදාවේ සේවය කළ හමුදාපතිවරයෙකුට යුද්ධය තිබියදී රටේ තත්ත්වය තේරුම්ගත හැකි වූයේ නම් යුද්ධය නැති අවස්ථාවේ රටේ තත්ත්වය තේරුම් ගත නොහැකි යයි වත්මන් හමුදාපතිවරයා සිතන්නේ නම් ඔහු වල්ගය පාගාගෙන ඇතැයි හිටපු හමුදාපති වත්මන් කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කලේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමක දී ය.
වත්මන් හමුදාපතිවරයා අදාළ බලධාරීන්ට සත්‍ය තත්ත්වය තේරුම් කර නොදෙන්නේ යැයිද චෝදනා කරන සරත් ෆොන්සේකා මහතා අද වන විට බල ඇණි 33ක් වසා දමන්නැයි හමුදාපති වරයා නියෝග කර ඇතැයි ද සදහන් කරයි.
වත්මන් හමුදාපතිවරයා යුද්ධය කාලයේ කොළඹ හමුදා මූලස්ථානයට වී වී ෆයිල් ගොඩක් බාරව සිටියකු පමණක් බවත් හමුදාපති බවට පත් වූයේ ඔහු දක්ෂ කමක් නිසා නොව ඔහුට කලින් සිටි නිලධාරීන් සිව් දෙනෙකු විසින් කරන ලද වැරදි කටයුතු හේතුවෙන් බව ද ෆොන්සේකා මහතා සදහන් කරයි.
වත්මන් හමුදාපතිවරයා තට්ටේ ගාගෙන ‘ඉඩි අමීන්’ වගේ සිටින බවත් එවන් හමුදාපතිවරුන් ලෝකේ කොහේවත් තමන් දැන නැතැයිද ඔහු කියා සිටී.
වත්මන් හමුදාපතිවරයා සියලු දේ අවතක්සේරු කර තමන් සියල්ල දන්නේ යැයි කල්පනා කර හිතුමතේට වැඩ කරන බවටද පවසන ෆොන්සේකා මහතා වැඩ කරන්නේ විකෘති මනසකින් යැයි ද කියා සිටියේ ය.
එම වීඩියෝව පහතින්,
COMMENTS