දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුසිල් - නිමල් - අනුර අද සවස ආණ්ඩුවෙන් ඉවතට! විශ්වාසභංගයෙන් පසු එජාපය දෙකඩ වීම ස්ථීරයි
Homeප්‍රවෘත්ති

සුසිල් - නිමල් - අනුර අද සවස ආණ්ඩුවෙන් ඉවතට! විශ්වාසභංගයෙන් පසු එජාපය දෙකඩ වීම ස්ථීරයි

PropellerAds

ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් අද සවස ආණ්ඩුවෙන් ...

ඉක්මන් ජනපතිවරණයකට එජාපය සූදානම් වෙයි - පොදු අපේක්ෂකයා කරූ ?
පන්ති කට් කර පාසැල් පෙම්වතී සමග නාන්න ගිය පාසැල් පෙම්වතා ගලබොඩ ඇත්තේ අතුරුදහන්
ජනපති ඝාතන කුමන්ත‍්‍රණ පරීක්‍ෂණ තවත් දැඩි වෙයි.. නදිමාල් පෙරේරාගෙන් ප‍්‍රශ්න කෙරේ !
සුසිල් - නිමල් - අනුර අද සවස ආණ්ඩුවෙන් ඉවතට! විශ්වාසභංගයෙන් පසු එජාපය දෙකඩ වීම ස්ථීරයි

ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් අද සවස ආණ්ඩුවෙන් ඉවත් වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුව අවසන් බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා පසුගිය මැතිවරණයේ අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ලක්ෂ 30ක් බවත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර ගැටුම් ඇති කිරීමේ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන බවත් කියා සිටියේය.

"මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ ආණ්ඩුව පාවාදීලා බලයට ආවට පස්සේ රටේ සම්පත් විකුණන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද හවසට අපිත් එක්ක එකතු වුණාම ජාතික ආණ්ඩුවක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් යන කියමනක් තිබෙනවා. අගමැතිතුමා ඉල්ලා අස්වෙන්න." යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත් වෙන විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ අද දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට හිමිවන ප්‍රතිඵලයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි.

මොන තරම් කොන්දේසි පැමිණියද හෘද සාක්ෂියට එකඟය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලීමක් කරමින් සභාවෙන් ඉල්ලා සිටියේය.

මෙරට ආර්ථිකය හැසිර වු ප්‍රධාන පුද්ගලයා අගමැතිවරයා බවත්, ඔහු එයින් අසාර්ථකත්වයට පත්වු බවත් අලුත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික කමිටුව හරහා සියලු සොරකම් සිදු කරනු ලැබූ බවත්, ආර්ථික කමිටුව අහෝසි කරන විට එයට සම්බන්ධ වු සියලු දෙනා දුක්වන බව ද මන්ත්‍රීවරයා මෙහිදි කියා සිටියේය.

මේ අතර අද දිනයේ දී විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමින් සිටින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුසිල් - නිමල් - අනුර අද සවස ආණ්ඩුවෙන් ඉවතට! විශ්වාසභංගයෙන් පසු එජාපය දෙකඩ වීම ස්ථීරයි
සුසිල් - නිමල් - අනුර අද සවස ආණ්ඩුවෙන් ඉවතට! විශ්වාසභංගයෙන් පසු එජාපය දෙකඩ වීම ස්ථීරයි
http://am.lk/media/k2/items/cache/48938d273f824f53b174dfea64e1ed2c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy