කොළඹ අධ්‍යාපන කලාපය තුළ පවතින පාසල්වල පවත්වන උත්සව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන ලෙසත් ඔවුන්ට නි...
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පවතින පාසල්වල පවත්වන උත්සව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන ලෙසත් ඔවුන්ට නිසි ගෞරවය දක්වන ලෙසත් සඳහන් කරමින් කොළඹ අධ්‍යාපන කාර්යාලය විදුහල්පතිවරුන් වෙනුවෙන් යොමු කළ නියෝගය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
පෙබරවාරි මාසයේදී මෙම නියෝගය ඇතුළත් ලිපිය යොමුකර තිබුණේ කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එන්.සිල්වා මහතායි. එම නියෝගය ඉවත් කරමින් අප්‍රේල් 09 වනදා ඔහු නැවතත් විදුහල්පතිවරුන්ට ලිපියක් යොමු කර තිබේ.
COMMENTS