දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුව තුළ විමල් ඉටුකරන්නේ කඳ පණුවාගේ භූමිකාවයි - ජානිපෙ හිටපු මහලේකම්
Homeප්‍රවෘත්ති

පොහොට්ටුව තුළ විමල් ඉටුකරන්නේ කඳ පණුවාගේ භූමිකාවයි - ජානිපෙ හිටපු මහලේකම්

PropellerAds

ජා තික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණ අතර නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය තවමත් අවසන් නැත.ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව...

මෙහෙම ගියොත් අපටත් වෙන්නේ එජාපයට වූ දේමයි..- විදුර
චීනයෙන් තවත් කෝවිඩ් රැල්ලක් - මෙවර වුහාන් වෙනුවට නැන්ජින් !
මැණික් පොකුරේ මිල නියම කිරීම ගැන ලොහාන්ට යකා නගී.. ප‍්‍රසිද්ධියේ විරෝධය පායි..
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණ අතර නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය තවමත් අවසන් නැත.ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් විවිධ අර්ථකතන දෙමින් සිටී. ඇතමුන්ට අනුව එය රාජපක්ෂවරු හා විමල් එකතුවී රටේ ප්‍රශ්න යට ගැසීමට කරන දේශපාලන රංගනයකි.ඇතමුන්ට එය දේශප්‍රේමී අරගලයකි.පොදුජන පෙරමුණට නම් එය සාමූහික වගකීම පැහැර හරිමින් කරන අවස්ථාවාදී දේශපාලන කුමන්ත්‍රණයකි. මෙම විග්‍රහයන් මත සිට කෙරෙන අනාගත දේශපාලන පුරෝකතනද තැන් තැන්වලින් අසන්නට ලැබේ.එම නිසා මේ සම්බන්ධව මාගේ දේශපාලන විග්‍රහය හා දේශපාලන පුරෝකතනයද ඉදිරිපත් කළයුතු යැයි මට සිතේ.

විමල් හා බැසිල් අතර දේශපාලන ගැටුම නිර්මාණය වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ බැසිල් විසින් පොදුජන පෙරමුණ නිර්මාණය කිරීම බව සත්‍යයකි.විමල් විශ්වාස කරන්නේ තමන් ගොඩනැගූ බලවේගය අතර මඟදී බැසිල් කොල්ල කෑ බවයි.කෙසේ නමුත් මෙවර ගැටුමට හේතුවූ කරුණ කුමක්ද යන්න පළමුව අප සොයා ගත යුතුව ඇත.නමුත් ඊට නිශ්චිත හේතුවක් තවමත් සොයා ගත නොහැකිය. නැගෙනහිර ජැටිය විකිනීමට යෑම ඊට හේතුව නම් විමල් පහරදිය යුතුව තිබුණේ බැසිල්ට නොව ජනාධිපතිට හා අගමැතිටය.නමුත් විමල් ඇද ගත්තේ අහසේ හෝ පොළොවේ කොතැනකවත් නොතිබුණු සටන් පාඨයකි. මහින්ද වෙනුවට ගෝඨාභයට පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සටන්පාඨයක් මේ ලෝකේ කොතැනකවත් තිබුණේ නැත.විමල් එයින් දමා ගසා එය තනි පුද්ගලයෙකුගේ බල උවමනාව විසින් සිදුවන දෙයක් බව කියමින් සටන අහක හිටිය බැසිල් දෙසට හැරෙව්වේය.

එසේ නම් මෙම සටන විමල් විසින් හිතාමතාම නිර්මාණය කළ සටනකි.සටන ඇවිලෙන තෙක් බැසිල් එහි හාංකවිසියක් දැන නොසිටි බව මගේ උපකල්පනයයි.කෙසේ නමුත් එයින් පැහැදිලි වන්නේ මෙම ගැටුම නිර්මාණය කර ගැනීම යම් ඉලක්ක සහගත දේශපාලන ක්‍රියාවක් බවයි.එසේ නම් මෙම ගැටුමේ අග්‍ර ඵලය කුමක්ද?මෙහි පෙනුමේ කිනම් සටන්පාඨය තිබුණද හරයෙන් මෙය 2024 දේශපාලන පරිවර්තනය වෙනුවෙන් ගන්නා උපක්‍රමික ක්‍රියාවලියක ආරම්භය පියවරකි. විමල්ලාගේ පුරෝකතනයට අනුව මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණට දෙන නායකත්වය තවත් වැඩි කළක් ඉදිරියට යන්නේ නැත.උපරිම වශයෙන් එය 2022/2023 අතර තැනකදී නතර වන බව ඔවුන්ගේ විශ්වාසයයි.ඊට පසුව පොදුජන පෙරමුණේ බහුතර කැමැත්ත මත එහි නායකයා වන්නේ බැසිල් රාජපක්ෂය.බොහෝවිට එය මහින්දගේ කැමැත්තද විය හැකිය.

බැසිල් නායකයා වීමත් සමඟම විමල්ලාගේ දේශපාලනයට කන කොකා හඩන බව ඔවුන් දනී.මහින්ද සමඟ කළ සෙල්ලම් බැසිල් සමග කරන්නට විමල්ට බැරිය.එම නිසා විමල් ඊට උත්තරයක් සොයයි.මේ දිග හැරෙන්නේ විමල් ඊට උත්තරයක් සොයන ආකාරයයි.විමල්ගේ යෝජනාව වන්නේ ගෝඨාභය බව දැන් කාටත් පැහැදිලිය.නමුත් එය යථාර්ථයක් කිරීමට අතිශයින් දුෂ්කර ක්‍රියාවලියකි.ගෝඨාභය ජනාධිපතිවරයාද එවැනි අනවශ්‍ය ප්‍රශ්නයක් කර මත දමා ගැනීමට මේ අවස්ථාවේ සූදානම් වනු ඇතැයි සිටිමට අපහසුය.එම නිසා විමල්ට තවත් බී ප්ලෑන් එකක් තිබිය යුතුයි.මහින්ද දේශපාලන වශයෙන් විශ්‍රාම ගියද බැසිල් පොදුජන පෙරමුණ ඉදිරියට පවත්වාගෙන යන බව විමල් දනී.විමල් මේ කරන්නේ බැසිල්ගේ පොදුජන පෙරමුණට ඩැමේජ් කිරීමයි.ඊට ඇති හොදම දේ බැසිල් අපකීර්තියට පත් කිරීමයි.ඒ වෙනුවෙන් විමල් ඉතිහාසය පුරා කතා ගෙතුවේය.එම නිසා ආණ්ඩුවේ කුමන අඩුපාඩුව උවත් විමල් කපන්නේ බැසිල්ගේ පිට තබාය.නමුත් බැසිල් මේ ආණ්ඩුව තුළ සිටින අයෙක් නොවේ.ආණ්ඩුවේ පාලනය සම්පූර්ණයෙන්ම රැදී ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මතයි.

විමල් කරන්නේ ආණ්ඩුවේ හොද හෝ නරක තීරණවලට කැබිනට්ටුවේදී අත උස්සා ඇවිත් එළියෙදී බැසිල්ට බැනීමයි.ආණ්ඩුවේ සියලු පව්වලට කැබිනට්ටුවේදී අනුබල දෙන විමල් රටට පේන්න එළියේදී සිල් සමාදන් වෙයි.එවිට බයියෝ මහ හඩින් සාදුකාර දෙති.ඒ පූජාව ලස්සනට කිරීමට ජානීපෙ දේශපාලන මණ්ඩලය සභික හා ජාතික සංවිධාන එකමුවේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සැදී පැහැදී සිටී.එසේ නම් විමල් මේ කරන්නේ ගහ ඇතුළේ සිට ගහේ බඩය කා දමන කඳ පනුවාගේ භූමිකාව බව ඉතා පැහැදිලිය.ඔවුන් ඊට කියන්නේ ආණ්ඩුවේ සිට විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා කියායි.රටක විපක්ෂ යනු ඊළඟට බලය ගන්නා පක්ෂයයි.අප රටේ නම් දැනට ඊට සුදුසුකම් සපුරා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයයි.ඔවුන්ගේ අරමුණ 2024 මැතිවරණයේදී මෙරට රාජ්‍ය බලය අල්ලා ගැනීමයි.නමුත් ආණ්ඩුව තුළ සිට විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන විමල්ලාගේ අරමුණ කුමක්ද?

වෙන කිසිවක් නොව 2024 දී විපක්ෂට බලය ගැනීමට ආණ්ඩු පක්ෂය තුළ සිට සහය දීමයි. එසේ සහය දෙන කණ්ඩායම විසින් ආණ්ඩුව වැට්ටවීමේ පළමු ප්‍රහාරය එල්ල කරයි.එසේ තමන්ට ඉඩ හදාදෙන එම කණ්ඩායම ගැන විපක්ෂයට නිතැතින්ම පහන් සිතුවිලි ඇතිවේ. එසේ හැදෙන ආණ්ඩුවේ විශාල තැනක් ඔවුන්ට වෙන්වේ.සමහරවිට එය අගමැතිකම තරම් බලවත් තනතුරක් වුවද විය හැකිය.මන්ද ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව කඩා දැමීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.එය කළ හැක්කේ දේශප්‍රේමී ලේබලය ගසා ගනිමින්ය. මේ කරන්නේ එය නොවේද?එය එසේ නොවේ යැයි කියන්නේ විමල්ගෙන් යැපෙන දේශපාලන බක පණ්ඩිතයන් ටික පමණි.දැන් විමල් විපකෂයට වීරයෙකි.හේෂාගේ දේශප්‍රේමී විපක්ෂයට විමල් අවශ්‍ය වී ඇත.රාජිතට දැන් විමල් දේශපාලන තරුවක් වී අවසන්ය. ඔවුන්ගේ අනාගත සිහින කුමරා විමල්ය.අද විමල්ව මාකට් කරන්නේ විපක්ෂ බව රහසක් නොවේ.එහෙත් විපක්ෂ කිසිවිටෙකවත් ආණ්ඩුවෙන් එළියට බැස තම සුජාතාභාවය පෙන්වන ලෙස විමල්ට අභියෝග කරන්නේ නැත.විමල් එළියට බහින්නේ 2023 අග හෝ 2024 මුලය.එයද මෙම සැලැස්මේ කොටසකි. එතෙක් විමල් ආණ්ඩුවේ සිට විපකෂයට අවශ්‍ය කඳ පණුවාගේ භූමිකාව ඉටු කරමින් සිටී.කද පනුවාට ගහ ඇතුළේ කන්න ඇති තරම් තිබේ.ආරක්ෂාවද තිබේ.දේශපාලන කඳ පනුවා නිසිකල පැමිණි පසු ගහ මරා දමා වෙනත් ගසකට මාරු වේ.

විමල්ගේ අරගලය සාධාරණ වීමට නම් ආණ්ඩුවෙන් ඉවත්වීම අවම කොන්දේශියයි. අරගලය කළ යුත්තේ එළියට පැමිණ මිස ඒ තුළ සිට බඩවඩා ගනිමින් නොවේ.නමුත් ඔහු ආණ්ඩුවෙන් යැපෙමින් තම පක්ෂය හා ගෝලයින් සිය අමාත්‍යාංශයෙන් පෝෂණය කරමින් යන්නේ තවත් ඉන්ජිනේරු සංස්ථාවක් වෙතය.නමුත් අවාසනාව වන්නේ මෙම කඳ පනුවා සේනා දළඹුවා සේ පේන්නට නොසිටීමයි.පෙනෙන්නේ ගහ මැරෙනවා පමණි.ඒත් පණුවා පේන්නේ නැත.විමල් පොදුජන පෙරමුණ නැමති ගසට කරන්නේද ඒ විනාශයයි.එහෙත් තවමත් මෙය කඳ පනු රෝගය බව පොදුජන පෙරමුණේ  සිටින ගොවි මහත්තුරු හදුනාගෙන නැත.

- ප්‍රියන්ජිත් විතාරණ 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව තුළ විමල් ඉටුකරන්නේ කඳ පණුවාගේ භූමිකාවයි - ජානිපෙ හිටපු මහලේකම්
පොහොට්ටුව තුළ විමල් ඉටුකරන්නේ කඳ පණුවාගේ භූමිකාවයි - ජානිපෙ හිටපු මහලේකම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicerV6AbG1qcUPx503dX9Gc8AAw5v7JYVxyMHCzLPBnLl2sW0CMAxQutAzNNl9ORBeX60YmVxbG8fzUFr9XhYw48uuzj1P_kmENvUrC1qG29hFsmJFijxVjM6CYLMqTU6jxZBt8YP5UAc/s320/image_c48a9921f4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicerV6AbG1qcUPx503dX9Gc8AAw5v7JYVxyMHCzLPBnLl2sW0CMAxQutAzNNl9ORBeX60YmVxbG8fzUFr9XhYw48uuzj1P_kmENvUrC1qG29hFsmJFijxVjM6CYLMqTU6jxZBt8YP5UAc/s72-c/image_c48a9921f4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy