දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'තැටිය රත් වුනාම රජය වැඩ පටන් ගත්තා' - ඇමැති රාජිත
Homeගොසිප්

'තැටිය රත් වුනාම රජය වැඩ පටන් ගත්තා' - ඇමැති රාජිත

PropellerAds

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට පෙර ඉදිරිපත් කළේ නම් රජය ක්‍රියාශීලීව වැඩ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත...

නිධානය ගන්න බැරි වූ තැන කෝප වූ කරනවෑමියා කපුවාට පහර දී-කොණ්ඩයත් කපලා
දේශපාලකයින්ට, ව්‍යාපාරිකයින්ට පොලිස් අවසරයෙන් ගිනි අවි ලබාදීම නවතයි
ඉන්දියන් පාස්පෝට් නැති බොලිවුඩ් තරු මෙන්න

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට පෙර ඉදිරිපත් කළේ නම් රජය ක්‍රියාශීලීව වැඩ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන් පවර් සේවකයින් 452 කට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පසුගියදා පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “විශ්වාසභංග යෝජනාවෙන් පසු රජය දැන් වැඩ කරන්න පටන් අරන් තිබෙනවා. තැටිය රත් වෙනකොට තමයි වැඩ කෙරෙන්නේ. තැටිය ගිනියම් වෙන්නම රත් වුනා. රජය යහ පාලනය ඇති කිරීම සදහා තමයි කටයුතු කළේ. උතුරේ සහ දකුණේ පැවැති කැරැලි වලින් මිය ගියේ අපේ දරුවෝ. ඒ තත්ත්වය නිර්මාණය කළේ දේශපාලනඥයින් විසින්. පසුගිය රජයේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් රජය පිළිබද ගැටලු මතුවුනා. අපි කාලය පැමිණෙන තුරු ඉදලා වැඩේ දුන්නා. ජනතාවට අමාරු වෙනකන් ඉදලා තමයි අපි රජය පෙරළා දැමීමට තීරණය කළේ. රහස් ඔත්තු සේවා තිබුනත් ඔවුන්ටත් සොයා ගන්න බැරි වුනා. රජය පෙරළා දමමින් අපි තව නායකයෙක් පත් කරන්න නෙවෙයි හැදුවේ. රට හදන්න. යුතුකම් ඉෂ්ඨ කළ යුතුයි. විශාල වෙනසක් සිදු කර තිබෙනවා.”
“ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන් පවර් සේවකයින්ගේ ගැටලු අවසන් වෙන තුරු සහයෝගය ලබාදෙනවා. මෙය හොද පියවරක්. අදියරෙන් අදියර මෙම සේවකයින්ගේ ගැටලු විසදිය යුතුයි. ඔවුන්ගේ අයිතිය ලබාදිය යුතුයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලික ආයතනයක් වුවත්, රජයට බරක් නැතිව කටයුතු කරනවා. නවීන තාක්ෂණය ඉදිරියට ගෙන යා යුතුයි. සන්නිවේදනයත් සමග රට දියුණු කළ යුතුයි. මෑන් පවර් සේවකයින් තවත් 1000 ක් විතර ඉන්නවා. ඔවුන්ගේ සේවය ස්ථීර කළ  යුතුයි. ඉල්ලීම් දිනා ගැනීමේ හොදම ක්‍රමය සංවාදයයි. පැරණි ක්‍රමය තමයි ක්‍රියාමාර්ග වන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරායි. හොද වැඩ සදහා පදවිය භාවිතා කළ යුතුයි. සභාපතිවරයා ලග තිබෙන කඩුව සාධාරණ විදිහට භාවිත කරන්න. එවිට ප්‍රශ්න ඔක්කොම විසදෙයි. මෙම මෑන් පවර් සේවකයින් බදවා ගත් කොන්ත්‍රාත් සමාගම ස්ථාපිත කළේ කොහොමද, එහි ලාභය ගිය ස්ථානය, මුදල් ගිය ස්ථානය අපි දන්නවා. දේශප්‍රේමය ගැන දැන් කථා කරනවා. ඒ කාලේ දේශප්‍රේමයට වඩා මුදල් ප්‍රේමය වැඩි වුනා. සේවක ශ්‍රමය සූරාගෙන කෑවා. මමත් වෘත්තීය සමිති නායකයෙක්. තවත් අතකින් දේශපාලනඥයෙක්. කොන්ත්‍රාත් ක්‍රමයට සේවකයින් බදවා ගැනීම ආරම්භ කළේ ලංකා බැංකුවයි. එම සේවකයින් ස්ථිර කිරීමේ වැඩපිළිවෙලටත් මම දායක වුනා. එම සේවකයින් ස්ථිර කළේ අරගලයකින් අනතුරුවයි. ටෙලිකොම් මෑන් පවර් සේවකයින් ද අරගලයකින් තමයි ජයග්‍රහණය ලබාගත්තේ. 2019 වර්ෂය අවසන් වන විට සියලුම සේවකයින් බදවා ගැනීමට කටයුතු කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා. සේවක වැටුප් පිළිබදව අවධානය යොමු කළ යුතුයි. මෙම සේවකයින් යහපාලන රජය බිහි කිරිමට දායක වුනා.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා, ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය, සේවක සේවිකාවන් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තැටිය රත් වුනාම රජය වැඩ පටන් ගත්තා' - ඇමැති රාජිත
'තැටිය රත් වුනාම රජය වැඩ පටන් ගත්තා' - ඇමැති රාජිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTX1WXjEKN1M58nlFhvj2ZBP-9xp63-gIcoUiibV8hV1NqB9kzUMblu2O5e9ELFyVUWn8mWSDv-ROznwTnq3jxDvQtJfQcrGK6Bme9ndacfWvJ7EDrdgkspkxk6Oc59m0ouMBxctzjoM4/s1600/30222255_10155823373339130_187490815082091233_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTX1WXjEKN1M58nlFhvj2ZBP-9xp63-gIcoUiibV8hV1NqB9kzUMblu2O5e9ELFyVUWn8mWSDv-ROznwTnq3jxDvQtJfQcrGK6Bme9ndacfWvJ7EDrdgkspkxk6Oc59m0ouMBxctzjoM4/s72-c/30222255_10155823373339130_187490815082091233_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_563.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_563.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy