දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිධානය ගන්න බැරි වූ තැන කෝප වූ කරනවෑමියා කපුවාට පහර දී-කොණ්ඩයත් කපලා
Homeගොසිප්

නිධානය ගන්න බැරි වූ තැන කෝප වූ කරනවෑමියා කපුවාට පහර දී-කොණ්ඩයත් කපලා

PropellerAds

නිදන්කර ඇති බව කියන රන් රිදී මුතු මැණික් තොගයක් ගොඩ ගැනීම සඳහා ඉඩමක් දින 03ක පමණ කාලයක් තිස්සේ පුද පුඡා පවත්වමින් යාතිකා කරමින් කැණීම් සිදු...

ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී
පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම් වසරක සිර දඩුවම අවසන් කර නිදහස්වේ
තක්කාලි ප්‍රහාර ගල් ප්‍රහාර කුණුහරුප - වර්ජන නොකළ අයට තැන් තැන් වලදී දුන් දඬුවම්
නිදන්කර ඇති බව කියන රන් රිදී මුතු මැණික් තොගයක් ගොඩ ගැනීම සඳහා ඉඩමක් දින 03ක පමණ කාලයක් තිස්සේ පුද පුඡා පවත්වමින් යාතිකා කරමින් කැණීම් සිදු කළත් ඒවා නොලැබුණු නිසා පුද පූඡා පැවැත්වීමට ගෙවාගත් කපුවාට හොඳ හැටි පහර දී ඔහුගේ හිස කෙස් තැනින් තැන කපා දැමූ බව කියන කරණවෑමියෙක් හෙට්ටිපොල පොලිසිය විසින් ඊයේ (4) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.

කපුවා කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.  පහර කෑමට ලක්වූ බව පැවසෙන 65 හැවිරිදි කපුවා ශල්‍ය ප්‍රතිකාර සඳහා හෙට්ටිපොල රෝහලට ඇතුළත් කළ බව හෙට්ටිපොල පොලිසියේ නිලධාරියෙක්  පැවසීය.  පහර කෑමට ලක්වූ බව කියන කපුවා අම්පාර උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  තමාගේ අල්ලපු වත්තේ රිදී, මුතු, මැණික් තොගයක් තිධන් කර ඇති බවට සිහිනෙන් කියා ඇති නිසා හෙට්ටිපොළ ප්‍රදේශයේ පුද්ගලයකු (සැකකරු) ඒවා ගොඩ ගැනීම සඳහා රහසිගතව කැණීම් කිරිමට උහන ප්‍රදේශයේ පදිංචි කපුවකු ගෙන්වාගෙන
ඇතැයි පොලිසිය කියයි.


කපුවා දුන් උපදෙස් මත නිධානය ගොඩ ගැනීමට පුද පූජා පැවැත්වීමට අවශ්‍ය බඩු බාහිරාදිය ලොකු වියදමක් දරා කොළඹින් ගෙන්වාගෙන ඇති බව කියති. නිධානය ඇති බවට සැළකෙන ස්ථානයේ මල්පහන් පත්තු කර යාතිකා කරමින් දින 3ක පමණය කාලයක් කැණිම් සිදු කළත් කිසිවක් හමුවී නොමැති බව එම පොලිස් නිලධාරියා කීය.

මෙයින් කෝපයට පත්වූ බව කියන නිධානය ගොඩගැනීමට මුල්වූ පුද්ගලයා කපුවා අල්ලාගෙන වේ වැලකින් ඔහුට දිගට හරහට පහර දී ඇති බව පැමිණිලිකාර කපුවා පවසා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

එයින් ද නොනැවතුණු එම පුද්ගලයා කතුරක් ගෙන බෙල්ල තෙක් වැවී තිබූ කපුවාගේ කොණ්ඩය කපා දමා හිසේ තිබු කොණ්ඩය ද තැනින් තැන කපා දමා ඇතැයි ලපාලිසිය කීය.  තමා බොරුකාරයකු බව කියමින් මෙසේ කළ බව කපුවා පොලිසියට පවසා ඇත. සැකකරු තමාට පහරදීමෙන් පසුව උහනට යාම සඳහා බස් ගාස්තු වශයෙන් රුපියල් 150ක පමණ මුදලක් ද ලබා දුන් බව කපුවා පවසා තිබේ. මෙම කපුවා දුන් හෝඩුවාව ඔස්සේ පහර දුන් පුද්ගලයා සොයා ගොස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කරනවෑමියෙකි. නිධානය ගොඩ ගැනීමෙන් පසු එයින් ලැබෙන කොටසක් විකුණා ලක්ෂයක පමණ මුදලක් දෙන බවට පොරොන්දු වී, මීට පෙර අවස්ථාවක අත්තිකාරම් මුදලක් වෂයෙන් සැකකරු කපුවාට රුපියල් 15,000ක පමණ මුදලක් දී ඇති බව ද පොලිසිය කීය.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරීය-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිධානය ගන්න බැරි වූ තැන කෝප වූ කරනවෑමියා කපුවාට පහර දී-කොණ්ඩයත් කපලා
නිධානය ගන්න බැරි වූ තැන කෝප වූ කරනවෑමියා කපුවාට පහර දී-කොණ්ඩයත් කපලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8t7hyphenhyphen5dMopakCqlO127dQgFIwQk2NAZ_LDCHrxAM9e1laXaDHz86g7ISvn9RWdz4o8XeoKKnrTvgYCy6hTD_rVtM1tukt8GF_5TdNG5hlzJoCEXk_TFEo2jNczwlsp27hkgPkrUg9Ebk/s1600/chrome_2019-02-05_10-44-12.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8t7hyphenhyphen5dMopakCqlO127dQgFIwQk2NAZ_LDCHrxAM9e1laXaDHz86g7ISvn9RWdz4o8XeoKKnrTvgYCy6hTD_rVtM1tukt8GF_5TdNG5hlzJoCEXk_TFEo2jNczwlsp27hkgPkrUg9Ebk/s72-c/chrome_2019-02-05_10-44-12.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_738.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_738.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy