දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහානගරයේ මහා අවුරුදු උළෙල සඳහා ලක්වාසීන්ට ඇමති චම්පිකගෙන් ආරාධනා.
Homeගොසිප්

මහානගරයේ මහා අවුරුදු උළෙල සඳහා ලක්වාසීන්ට ඇමති චම්පිකගෙන් ආරාධනා.

PropellerAds

හෙළ සංස්කෘතිකාංග, ජනක‍්‍රීඩා, වස විස නැති දේශීය හරිත නිෂ්පාදන අලෙවිසැල්වලින් සමන්විත  මහානගරයේ මහා අවුරුදු උළෙල සඳහා ලක්වාසීන්ට ඇමති චම්ප...

නවක වදය වැළැක්වීමට අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මැදිහත් වේ.
ලංගමය දිනකට කෝටි 10ක් උපයයි : සේවකයින්ට වැටුප් වර්ධකයක්.
ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට? : සුමල්ගේ මනාපයත් ධම්මිකට!

හෙළ සංස්කෘතිකාංග, ජනක‍්‍රීඩා, වස විස නැති දේශීය හරිත නිෂ්පාදන අලෙවිසැල්වලින් සමන්විත මහානගරයේ මහා අවුරුදු උළෙල සඳහා ලක්වාසීන්ට ඇමති චම්පිකගෙන් ආරාධනා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම ආරාධනාව කර සිටියේ අද(03) සූර්යාභිෂේකය -2018 මහානගරයේ මහා අවුරුදු උළෙල පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන්  අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද සහභගී වී සිටියහ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අවස්ථා තුනකින් යුතු මහා පාරිමාණ අවුරුදු උත්සවයක් අප අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබෙනවා. පසුගිය වෙසක් මාසයේ දී අප අමාත්‍යාංශය මගින් කිසිම ආකාරයක ආධාර එකතු කිරීමක්, වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණයක්, අසංවර අශීලාචාර හැසිරීම්වලින් තොරව තනිකරම තාක්ෂණය පමණක් භාවිත කරමින් ආදර්ශමත් වෙසක් උළෙලක් පවත්වන අයුරු රටට පෙන්වා දුන්නා. එය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද වැඩිම පිරිසක් සහභාගී වූ වෙසක් උත්සවය බවට පත් කිරීමට අපට හැකියාව ලැබුණා.

මෙවර ඒ අයුරින්ම සූරියාභිෂේකය නමින් අලූත් අවුරුදු උළෙලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අලූත් අවුරුදු කාලයට කොළඹ නගරය පාලූවට යනවා. කොළඹින් බැහැරට ජනතාව ගමන් කරණු ලබනවා. ඒ වගේම කොළඹ නගරයේ හරිහමන් අවුරුදු උත්සව පවත්වන්නේ නැහැ. සියළුම මාධ්‍ය ආයතන ද ගම්වල තමයි අවුරුදු උත්සව පවත්වනු ලබන්නේ. නගරයේ පැවැත්විය යුතු අවුරුදු උත්සවය ආදර්ශවත් ප‍්‍රමිතියකින් යුතුව පවත්වන්නේ කෙසේද යන්නත්, නාගරික ජනතාවට අලූත් අවුරුදු අත්දැකීමත් ලබාදීමත් මෙහි මුඛ්‍ය අරමුණයි. ඒ වගේම සංචාරකමය වශයෙන් මෙම අවුරුදු උළෙල අනාගතයේදී ඉතා වැදගත් සංධිස්ථානයක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම කාලයේදීම තායිලන්තය, කම්බෝජියාව, මියන්මාරය වැනි බෞද්ධ රටවලත් මෙම අවුරුදු උළෙල පැවැත්වෙනවා. තායිලන්තය වැනි රටවල අවුරුදු උළෙල විශාල සංචාරක ආකර්ෂණයක් වනවා. ඒවා නරඹන්නම විශාල පිරිසක් ඒ රටවල්වල සංචාරය කරනවා. අපේ අවුරුදු උළෙලත් එවැනි තලයකට ඔසවා තබමින් රටේ ආකර්ෂණීය කි‍්‍රයාවලියක් සිදු කිරීමට තමයි අපේ බලාපොරොත්තුව.

නගරික සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, සංචාරක අමාත්‍යාංශය, ක‍්‍රීඩා අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය ආදී ආයතනවලත් සහයෝගය අපට ලැබෙනවා.  ක‍්‍රීඩා අමාත්‍යාංශ ක‍්‍රීඩා භූමියේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපේ‍්‍රල් 8 වෙනිදා උදේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

එහි පැවැත්වෙන වෙළඳ සල්පිලේදී අඳුම් පැළඳුම්, මුලූතැන්ගෙයි සඳහා අවශ්‍ය භාජනවල සිට සියළුම ත්‍යාග භෝගත්, මෙතෙක් අමතකව ගිය දේශීය ආහාර සෑම දෙයක්ම මෙමගින් ලබාගත හැකියි. දේශීය ව්‍යවසායදායකයින්ට මෙහිදී අප ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. වස විස නැති ආහාර මෙන්ම හරිත නිෂ්පාදන  මෙම වෙළඳ කුටිවල අලෙවි කිරීමටත් ඒ සඳහා දේශීය වෙළඳපොලක් ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයේ උපකාරය ඇතිව අපේ යටගිය, අමතකව ගොස් ඇති සියළුම ජන ක‍්‍රීඩා හඳුන්වාදීමකුත් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අවුරුදු කුමරා - කුමරිය, විවෘත පාපැදි තරඟය, මැරතන් තරඟ, කොට්ටාපොර, ලිස්සන ගහ ආදී සියළුම සාම්ප‍්‍රදායික තරඟත් මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සවස 6.00  සිට ගරු කතානායකතුමාගේ ප‍්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන්ගෙ සහභාගීත්වයෙන් සංස්කෘතික උළෙලක් පැය දෙකක් පුරා ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටත් සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, තරුණ සේවා සභාව, පාසල්, ති‍්‍රිවිධ හමුදාවන් ඇතුළු සියළු දෙනාගේම සහයෝගය අප ලබාගන්නවා.

ආකේඞ් පරිශ‍්‍රයේදී ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් පැරණි දේශාභිමානී ගීත සහ නවපන්නයේ ගීත සම්මිශ‍්‍රණයකින් යුතුව ආදර්ශවත් මියැසි සැඳෑව රාත‍්‍රී 8.00 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කකුල්දෙකට සිංදු කියවීම වෙනුවට හිසට, මනසට සිංදු කියන සංගීත සැඳෑවක් ඇතිකිරීමට අප බලාපොරොත්තු වෙනවා. අවසානයේ දෙවොල් මඩු උළෙලක් පවත්වා මෙහි කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම සූර්යාභිශේකය - මහානගරයේ මහා අවුරුදු උළෙල, මෙරට ඉහළම ගණයේ ත්‍යාග ප‍්‍රධානය කරනු ලබන අවුරුදු උළෙළ බවට පත් කිරීමටත්, ඉහළම මට්ටමේ ප‍්‍රමිතියක් මෙමගින් අප අපේක්‍ෂා කරන අතර ඒ  සඳහා සහභාගී වීමට ලක්වාසි සැමට මෙයින් ආරධනා කර සිටිනවා යැයි ද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහානගරයේ මහා අවුරුදු උළෙල සඳහා ලක්වාසීන්ට ඇමති චම්පිකගෙන් ආරාධනා.
මහානගරයේ මහා අවුරුදු උළෙල සඳහා ලක්වාසීන්ට ඇමති චම්පිකගෙන් ආරාධනා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx1INK4paXoNrnSGPk_u11jqhOW4TzXYIQ1WvZPInkcjkwEG11P3WFIA-fa9uKavicAsyixgnwD7F2u7ZTzBGOcvYQ0SSMKAmA-Kyvj4XMyAEW_NbhBxrNW7p9re44iy0hAbAss5uUPCc/s1600/01.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx1INK4paXoNrnSGPk_u11jqhOW4TzXYIQ1WvZPInkcjkwEG11P3WFIA-fa9uKavicAsyixgnwD7F2u7ZTzBGOcvYQ0SSMKAmA-Kyvj4XMyAEW_NbhBxrNW7p9re44iy0hAbAss5uUPCc/s72-c/01.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy