දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'තුනෙන් දෙක අවශ්‍ය වෙලාවට පෙන්වන්නම්' - මංගල.
Homeගොසිප්

'තුනෙන් දෙක අවශ්‍ය වෙලාවට පෙන්වන්නම්' - මංගල.

PropellerAds

විශ්වාසභංග යෝජනාවෙන් පසුව ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අහිමිව ඇති බවට දියත් කර තිබෙන ප්‍රකාශයේ කිසිඳු පදනමක් නැති බවත් විශ්වාසභංග යෝජනාව පරාජය...

බොරු ෆේස් බුක් පණිවිඩ නිසා CERT අමාරුවේ - උපදෙස් දෙනවා පමණයි කියන්න නිවේදනයක්
වැල්ලවත්තේ කඩා වැටුන බිල්ඩිමේ සිරවී සිටින තරුණයා බේරාදෙන්නැයි හැටන්හි උද්ඝෝෂණ
පිළියන්දල සමාධිගේ දේහයට මහින්දගෙන් අවසන් ගෞරව

විශ්වාසභංග යෝජනාවෙන් පසුව ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අහිමිව ඇති බවට දියත් කර තිබෙන ප්‍රකාශයේ කිසිඳු පදනමක් නැති බවත් විශ්වාසභංග යෝජනාව පරාජය කරවීමට සූදානම් කළ ආකාරයට අවශ්‍ය මොහොතේ 2/3 බලය ලබා ගැනීමට ආණ්ඩුව ක්‍රියාකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවෙන් පසුව 2/3 බලය ආණ්ඩුවෙන් ගිළිහීගොස් තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ශව සිදුකරන ප්‍රකාශය පිළිබඳ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව තුළ දෛනික කටයුතු පවත්වා ගෙන යාමට තුනෙන් දෙකේ බලය අනවශ්‍ය බවත් එය අවශ්‍ය වන්නේ කිසියම් තීරණාත්මක අවස්ථාවකදී පමණක් බැවින් එවැනි අතිශය වැදගත් අවස්ථාවක තුනෙන් දෙක ලබා ගැනීමට හැකියාව ආණ්ඩුවට තිබෙන බව තමන් විශ්වාසයෙන් යුතුව පවසන බව අමාත්‍යවරයා පවසයි.

විශ්වාසභංගය වර්ජනය කළ පිරිසේ සහය ආණ්ඩුවට තියනවා !

මානව හිමිකම් ආරක්ෂා කිරීමට, සංහිඳියාව බිහිකර සාමය ආරක්ෂා කර ගැනීමට මෙන්ම ජාතික වැදගත්කමක් ඇති සෑම තීරණාත්මක අවස්ථාවක ආණ්ඩුවට සහය දීමට පාර්ශව පාර්ලිමේන්තුවේ සිටින බවත් විශ්වාසභංග යෝජනාවට සහයදුන් 122 මෙන්ම එම අවස්ථාව වර්ජනය කළ පාර්ශවයද සැලකිය යුතු ප්‍රමාණයක් බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

අරමුණ අවංක නම් ජවිපෙටත් පිටුපාන්න බැරි වෙනවා !

එසේම ජාතිවාදය පරාජය කිරීම, දුෂිතයන්ට එරෙහිව නීති ශක්තිමත් කිරීම , ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අරමුණු කරගෙන ඉදිරිපත් කරන අණපනත් සම්මත කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ වුවත් පසුබට නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අවශ්‍යම වුණොත් ඒකාබද්ධ විපක්ෂයේ කොටසකුත් අරගෙන පෙන්නන්නම් !

විශ්වාසභංග යෝජනාව ගෙන එන අවස්ථාවේ බොහෝ දෙනෙකු ආණ්ඩුව පරාජය කරන බව පවසමින් විවිධ සුරංගනා කතා කියූ නමුත් එය විශිෂ්ඨ ජයග්‍රහණයකින් අවසන් කර 2015 ජනවරම ආරක්ෂා කිරීමට එජාපය ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවත් ඒ ආකාරයට ජාතික අවශ්‍යතාව සහ ජනතාවට ජයග්‍රහණ අත්කරදීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැමුන්ගේ සහය වුවත් ගැනීමට තරම් හැකියාවක් මේ වන විට ආණ්ඩුව සතුව ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

(newstube.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තුනෙන් දෙක අවශ්‍ය වෙලාවට පෙන්වන්නම්' - මංගල.
'තුනෙන් දෙක අවශ්‍ය වෙලාවට පෙන්වන්නම්' - මංගල.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJwazGwwsxw0djCmLM6qr07MSe0UO9So3kXm_3As_vjEYGnvksisqNuTI2wfS9GCakJgE-6dpkOwW45O5Lb55OXt2ouvgh4IbKpZSUzlvMMaa60KGsS3Y4dh6Ri6IR7Gk2BGFCMNcA2fc/s1600/Mangala+Samaraweera_0.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJwazGwwsxw0djCmLM6qr07MSe0UO9So3kXm_3As_vjEYGnvksisqNuTI2wfS9GCakJgE-6dpkOwW45O5Lb55OXt2ouvgh4IbKpZSUzlvMMaa60KGsS3Y4dh6Ri6IR7Gk2BGFCMNcA2fc/s72-c/Mangala+Samaraweera_0.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_410.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_410.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy