තමාට නවීන් දිසානායක අමාත්‍යවරයා පරුෂ වචනයෙන් බැනවදිමින් පහරදීමට තැත් කළ බව සඳහන් කරමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් ඊයේ (05) දි...
තමාට නවීන් දිසානායක අමාත්‍යවරයා පරුෂ වචනයෙන් බැනවදිමින් පහරදීමට තැත් කළ බව සඳහන් කරමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් ඊයේ (05) දින සවස කතානායක කරු ජයසූරිය මහතා වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
තිලංග සුමතිපාලට නවීන් දිසානායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදුන් බවට වන පැමිණිල්ල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් අතර ඊයේ(05) දිනයේත් වාද විවාද ඇති විය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායකවරයා දැනුම් දුන්නේය.
මේ ගැන දිගින් දිගටම වාද විවාද කිරීම නිසා කාලය අපතේ යන බැවින් විධිමත් පරීක්ෂණයක් කරන තුරු සභාවේ වැඩට බාධා නොකරන්නැයි කථානායකවරයා දන්වා සිටියේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ කතානායක කාර්යාලය ඉදිරිපිට තිබෙන පිවිසුම් දොරටුවෙන් මන්ත්‍රිවරුන් සභාගර්භය වෙත පැමිණෙන දොරටුව පිහිටා තිබේ.
"නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා එසේ පැමිණියේ එම ස්ථානයේ තිබෙන විදුලි සෝපානය දෙසටය. ඒ සමඟම නවීන් දිසානායක අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියේය.
මුලින්ම කතාව ආරම්භ කළේ නවීන් දිසානායකය.
නියෝජ්‍ය කතානායකට පක්‍ෂග්‍රාහීව කටයුතු කරන්න බැහැ. ඒක වැරැදියි. එහෙම කටයුතු කරන්න දෙන්න බැහැ" යනුවෙන් නවීන් දිසානායක තරමක් උස් හඩින් ප්‍රකාශ කළේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල වෙත ඇඟිල්ල දිගු කරමිනි.
"ඔයාට ඔහොම කතා කරන්න අයිතියක් නැහැ. මං නියෝජ්‍ය කතානායක ධුරයේ වගකීම හරියට කරනවා. ඊට අමතරව මගේ පක්‍ෂයේ දේශපාලනය වෙනම කරනවා." යනුවෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ප්‍රතිචාර දැක්වීය.
එම වාදය දුරදිග ගොස් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවූ අතර බහින්බස් වීම දුරදිග ගොස් අතින් පයින් වැඩ ඇල්ලීමට ඉතාම ආසන්න මොහොතකදී එය වළක්වා ගනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර විසිනි.
නවීන් දිසානායක අමාත්‍යවරයාගේ අත් දෙකෙන්ම අල්ලාගත් පද්ම උදයශාන්ත ගුණසේකර කියා සිටියේ "නියෝජ්‍ය කතානායකට ඔහොම බනින්න එපා" යනුවෙනි.
මෙම ගැටුම සමථයකට පත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් යුහුසුළුව ක්‍රියා කළහ.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විසින් ඊයේ (05) දින සවස කතානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කළ ලිපිය පහතින්,
COMMENTS