දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. උතුරු මැද පළාත් වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.
මේ අතර ඉදිරි පැය 24 තුළදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මී.2.5-3.0 ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී.
COMMENTS